උතුරු පළාත් මහ ඇමතිවරයා, සහ කිතුණු පූජකයන් ප්‍රමුඛ බෙදුම්වාදී බලවේග විසින් ජාතිවාදය, වර්ගවාදය අවුලවමින් නැවත රට ලේවිලකට ඇද දැමීම සදහා ගෙන යන බෙදුම්වාදී ක්‍රියාකලාපයට එරෙහිව බොදු බල සේනා සංවිධානය, සිංහලේ ජාතික සංවිධානය, රාවණා බලය ඇතුළු සංවිධාන කිහිපයක් සැප්තැම්බර් 30 වනදා වව්නියාව නගරයේදී විරෝධතාවයක් පැවැත්වීමට සූදානම් වනවා.
ද්‍රවිඩ සන්ධානය ඇතුළු දෙමළ ජාතිවාදී දේශපාලකයන් සිංහල ජනතාවට උතුරෙන් පිටවන ලෙසට කරන තර්ජණ, බුදු පිළිමවලට පහරදීම ඇතුළු උතුරේ ගොඩනැගෙමින් පවතින නව ඊළාම්වාදී ව්‍යාපාරය වහාම නවතන ලෙස බලකරමින්, වව්නියාව බෝගස්වැව ඇතුළු උතුරේ ජීවත්වන සිංහල ජනතාවද මෙම උද්ඝෝෂණය සදහා එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.