Colombo Today Local News

විග්නේෂ්වරන්ගේ පදයට අපි නටන්නෑ.. මේ පෙනෙන්නේ අනතුරක සේයාවක් ! – මහින්ද අමරවීර

Mahinda amaraveeraඋතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය යහපාලන රජයේ ගමන් මගට තර්ජනයක් බව , ධිවර හා ජලජ සම්පත් ,අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. යහපාලන රජය විසින් ගෙන යන සහජීවන වැඩපිළිවෙලට , උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ වචන බාධාවක්වී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

සිංහල ,දෙමළ ,මුස්ලිම් සෑම ජන කොට්ඨාශයකටම මේ රටේ ජීවත් වීමට හැකි පරිසරයක් ගොඩ නැගීම , යහපාලන රජයේ අරමුණ බවත් , සියල්ලන්ටම සම අයිතීන් ලබා දෙමින් නිදහස් රටක් ගොඩ නැගීමට සියළු දෙනා එක්විය යුතු බවද අමාත්‍යවරයා පැවසුවා .උතුරේ මහ ඇමතිවරයා රජය විසින් ගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සදහා සිදු කරන කුමන්ත්‍රණයක කොටස් කරුවෙකුවී ඇති බවත් , මේ හරහා සිදු වන්නේ අසරණ දෙමළ ජනතාවට ඒ අයට ලැබෙන්න තිබෙන අයිතිවාසිකම් හෝ නොලැබෙන තත්වයකට පත් කිරීමක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රට තුළ ගැටුමක් නිර්මාණය කිරීමට ඔහු දරන මේ උත්සහය පිළිකුලෙන් යුතුව හෙළා දකින අතරම, විග්නේෂ්වරන්ට ඕනෑ විදියට කටයුතු කිරීමට රජය සුදානම් නැති බවත් , විග්නේෂ්වරන්ගේ මේ වැඩ නිසා රට තුළ විශාල අර්බුධයක් හට ගැනීමට ඉඩ ප්‍රස්ථාව පවතින බවද ඔහු කියා සිටියා. මේ රට තුළ සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජනකොට්ඨාශයක්ම ජීවත් විය යුතු අතරම යහපාලන රජයේ අවසන් අරමුණද එය බවයි අමාත්‍යවරයා අවධාරණය කලේ.

Related posts

“ජනපති උපතින්ම එජාප විරෝධිකේ… පොදු සතුරා එජාපයයි“ – බස්නාහිර මහඇමති

colombotoday

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟේ තිබී හමුවෙයි

Admin

බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 188කට සීමා වේ

Admin

රටත් ජනතාවත් ආරක්ෂා කළේ භික්ෂූන් වහන්සේලායි. උන් වහන්සේලා වැළැක්වීමට කිසිවෙකුට අයිතියක් නෑ

colombotoday

රටට ආදරය කරන ජනතාව රට ගැන ගැඹුරින් සිතා තිබෙනවා – ගලගොඩඅත්තේ ඥනසාර හිමි

colombotoday

අරලියගහ මන්දිරය හිස් කරන්න ඉහළම තැනකින් නියෝග… කාර්යමණ්ඩලය අද රෑ ඉවතට…

colombotoday