Colombo Today Local News

ජාත්‍යන්තරයෙන් ආධාර ගලනවා.. ආයෝජකයො වැහි වැහැලා.. රටම දැන් වැඩබිමක් – නි ඇමති හර්ෂ

harsha d silva

මේ වන විට ශ්‍රී ලංකාව මුළු ලෝකයම පිළිගන්නා රටක් බවට පත්වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සියේය. මීට පෙරදී මේ රට ලෝකය ඉදිරියේ හුදෙකලාවී තිබූ බවත් දැන් ලෝක ප්‍රබලයන් යහපාලනය සම්බන්ධයෙන් ඉමහත් සතුටට පත්ව ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

රට තුළ සංහිදියාව ඇති කිරීම වෙනුවෙන් රජය විශාල වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර එහි අරමුණ රට තුළ යළි යුද්ධයක් ඇති වීමට ඉඩ ලබා නොදීම බවද අමාත්‍යවරයා පැවසීය.

යහපාලන රජය යන ගමන හොද නිසා රටේ සංවර්ධනයට ලෝක ප්‍රජාවගෙන් මුදල් ලැබෙන බවත්, ඒ හා සමානව ආයෝජකයන් රට තුළට ගලා ගෙන එන බවත්, මේ වන විට නැවති තිබුණ සියළු සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර ඇති බවත් ,ඉදිරියේදී නව ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට සුදානම් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

විහාර පරිපාලනයට ඇගිලි ගහන්න රජයට බලයක් නෑ.. පූර්ණ බලය විහාරාධිපතිවරුන්ටයි

colombotoday

ජනපති මොරගහකන්ද හතර පාරක් විවෘත කරලා.. වහාම විගණන විමර්ශනයක් ඉල්ලයි…

colombotoday

අල-ලූණු අද ගිනි ගණන්

Admin

විදේශ ඇමති අද මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිය අමතයි

colombotoday

අධිකරණ ඇමති තලතා.. බුද්ධශාසන ඇමති ගාමිණී ජයවික්‍රම – අද දිවුරුම් දෙයි

colombotoday

විදෙස්ගත ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීම නොමිලේ.

colombotoday