Colombo Today Local News

(Video) “නැවත යුද්දයක් ඇතිවීමට කිසිසෙත් ඉඩක් නෑ“ – ජනපති ජගත් මහ සමුළුව අමතයි

maithripala-700iiii-696x385

ස්වදේශවාදී චින්තනය පදනම්කර ගනිමින් අන්තර්ජාතික සහයෝගය සහ සාමුහිකත්වය තුළ ලෝකයේ ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ශී‍්‍ර ලංකාව ගොඩනැගීම තම අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ස්වදේශවාදී චින්තනය මුල්කරගත් අන්තර්ජාතික සහයෝගීතාවය පිළිබඳ ජනපති එක්සත් ජාතීන්ගේ 71 වන මහ මණ්ඩල සැසිවාරය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවේය.

ශී‍්‍ර ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින් ජාතික සංහිඳියා පිළිවෙත ශක්තිමත් කිරීමට නව රජය කැපවී සිටින බව ද පැවසූ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකාව තුළ නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය සියලූ පියවරයන් ගන්නා බවද අවධාරණය කළේය.

[fbvideo link=”https://www.facebook.com/newsalbum/videos/1080297088691711/” width=”500″ height=”400″ onlyvideo=”1″]

එක්සත් ජාතීන්ගේ 71 වෙනි සමුළුව අමතමින් ජනාධිපතිවරයා සිදුකළ සම්පූර්ණ කතාව

(2016-09-22 වනදා අළුයම 1.15 ට නිව් යෝර්ක් නුවරදී )
“සුබ සන්ධ්‍යාවක්, ඔබ සියලූදෙනාටම තෙරුවන් සරණයි,

එක්සත් ජාතීන්ගේ 71 වෙනි සමුළුවට ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා ලෙස සහභාගීවීමට ලැබීම පිළිබඳවමා ඉතාමත් සතුටට පත් වෙනවා. ශී‍්‍ර ලංකාවේ නව පරිවර්තනීය යුගයක් ආරම්භ කරමින් ගෙවී ගිය මාස 20 ක පමණ කාල සීමාව තුළ රටට අවශ්‍ය දේශපාලන, ආර්ථික ප‍්‍රතිසංස්කරණ සඳහාඅපි මූලිකත්වය ලබා දී තිබෙනවා.

විශේෂයෙන්ම මගේ රජය බලයට පත්වීමට පෙර ශී‍්‍ර ලංකාව තුළ පැවති ජනතාව බියෙන් හා සැකෙන් යුතුව ජීවත්වූ පසුබිම ඉවත් කරමින් සතුටින්, නිදහසේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක සියලූදෙනාට ජීවත්වීමට අවශ්‍ය මූලික පදනම සකස් කරමින් එම කටයුතු ශක්තිමත් කර තිබෙනවා.

මගේ රජයේ අරමුණ ශී‍්‍ර ලංකාව ලෝකයේ ඉතාමත් සතුටින් ජීවත්වන ජනතාවක් සිටින රටවල් අතරින් එක් රටක් බවට පත් කිරීමයි. ඒ සඳහානිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමත්, ආර්ථික සමෘද්ධිය ඇති කිරීමත් තුළ ප‍්‍රධාන වශයෙන් ලෝකයේ ශක්තිමත් ප‍්‍රබුද්ධ ජනතාවක් බවට ශ‍්‍රී ලාංකීය ජනතාව පත්කීරම මගේ රජයේ ප‍්‍රධාන අරමුණක් හා අභිප‍්‍රායක් වෙනවා.

දුගීභාවය අද මුළුලෝකය පුරාම පවතින බරපතළ අභියෝගයක් බැවින් 2017 වර්ෂය ශී‍්‍ර ලංකාව දුගී භාවයෙන් නිදහස් වීමේ වර්ෂය ලෙස අප නම් කර තිබෙනවා. ආර්ථික සංවර්ධනය මුල් කරගත් රටක ජනතාවගේ සියලූ ප‍්‍රශ්න විසඳීම සඳහාඅවශ්‍ය මූලික පහසුකම් සකස් කිරීමේ කාර්යයට ඒ අනුව මා ප‍්‍රමුඛත්වය දී තිබෙනවා.

ප‍්‍රධාන වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, ඒ වගේම අනෙකුත් සියලූ රාජ්‍යයන් සමග කටයුතු කිරීමේදීත් අප සැමවිටම කැපවී සිටින්නේ තිරසර සංවර්ධනය ප‍්‍රමුඛතාවයෙහිලා සමාජයට, රටට අවශ්‍ය වෙනස්කම් ඉටු කිරීමටයි. එහිදී මූලික වශයෙන්ම අවශ්‍ය ආර්ථික ජයග‍්‍රහණ ලබාගැනීමට ප‍්‍රමුඛත්වයක් අපි සෑමවිටම ලබාදී තිබෙනවා.

පරිසර සංරක්ෂණය ඒ වගේම එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන් මැතිතුමා විසින් හඳුන්වාදුන් පැරිස් සමුළුවේදී ඇතිකරගත් ප‍්‍රඥප්තීන් තුළ කටයුතු කරමින් ප‍්‍රධාන ලෙසම අපිට අවශ්‍ය මූලික වෙනස්කම් සමග රටේ පරිවර්තනීය යුගය තුළ සියලූ අංශවල වෙනස්කම් කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ.

උගත්, තරුණ පරපුර වෙනුවෙන් දැනුම පාදක කරගත් ආර්ථික ප‍්‍රතිපත්තීන් සමග නවෝත්පාදන ආර්ථිකය, ඒ වගේම හරිත ආර්ථිකය සමග ශී‍්‍ර ලාංකීය සමාජය තුළ නව සැළසුම් ඉලක්ක කරගත් ජාතික සංවර්ධනයේ ප‍්‍රමුඛතාවයන් අප හඳුනාගෙන තිබෙනවා.

ගරු සභාපතිතුමනි, නෝනාවරුනි, මහත්වරුනි, මිත‍්‍රවරුනි,

අපේ රට දූපත් රාජ්‍යයක් විදියට සාගර සම්පත මුල් කරගත්, සාගර සම්පතින් අපට උපයාගතහැකි සියලූ සම්පත් හා දායාදයන්වලට ප‍්‍රමුඛතාවය ලබාදෙමින් සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය පර්යේෂණ මුල් කරගත් වැඩපිළීවෙළක් ශී‍්‍ර ලංකාව තුළ කි‍්‍රයාත්මක කිරීමයි මූලික වශයෙන් වර්තමාන නව රජයේ බලාපොරොත්තු වෙන්නේ.

රටේ නිදහස් සෞඛ්‍ය සේවාව, නිදහස් අධ්‍යාපනය නව දැනුම තුළ කෘෂිකාර්මික සංවර්ධනය, දේශීය කර්මාන්ත සංවර්ධනය හා දේශීය කාර්මීකරණය තුළ මූලික වශයෙන් ජනතාවට වැඩි පහසුකම් ලබදීම සඳහාකටයුතු කිරීම අප රජයේ අරමුණක් බවට පත්ව තිබෙනවා.

ගරු සභාපතිතුමනි, අද ලෝකයේ බොහෝ රාජ්‍යයන්හි අන්තර්ජාතික වශයෙන් අපි දකින මුහුණුවරයන් තුළ යුද්ධයේ විවිධ ස්වභාවයන් ඇතැම්විට ඉතාමත් ම්ලේච්ඡු තත්ත්වයන්, අසමගිය, ද්වේෂය, වෛරය මුහුකුරා ගිය සමාජයන් අපිට දකින්නට තිබෙනවා.

එහිදී මානව සමාජයට අවශ්‍ය ශිෂ්ටත්වය බරපතළ ප‍්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා. සමාජයේ අද ඇතිවී තිබෙන බොහෝ ගැටුම්වලදී ශිෂ්ටත්වය මුල්කරගත් ප‍්‍රජාවක් බිහි කිරීමේ කාර්යයට සෑම රාජ්‍යයක්ම මූලිකත්වය දිය යුතුයි කියා මා විශ්වාස කරනවා.

ශී‍්‍ර ලංකාව බෞද්ධ රටක් විදියට ථේරවාදී බෞද්ධ දර්ශනය තුළ පෙන්නුම් කරන දර්ශනයන් ලෝකයේ බොහෝ ප‍්‍රශ්න විසදීම සඳහාඉතා වැදගත් කියා මා විශ්වාස කරනවා.

ඒ වගේම කි‍්‍රස්තියානි ධර්මය, ඉස්ලාම් ධර්මය ඒ වගේම හින්දු ධර්මය හා අනෙකුත් ආගමික අධ්‍යාත්මික දර්ශනයන් වඩ වඩා පුළුල්කිරීම සහ ඒ සඳහාසියලූ රාජ්‍යයන්හි ආශිර්වාදය අවශ්‍ය යුගයක් ලෙසයි මම දකින්නේ. මේ අවශ්‍ය වෙනස්කම් රටවල් තුළ සිදු කිරීමේදී ශී‍්‍ර ලංකාව වගේම ලෝකයේ බොහෝ රාජ්‍යයන් මුහුණ දී තිබෙන බරපතළ ප‍්‍රශ්නයන් පිළිබඳවගෞරවනීය එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ අවධානය යොමු කිරීමට මම කැමතියි. ඒ තමයි මුළුමහත් මානව සමාජය පාසල් දරුවන් ප‍්‍රමුඛව දැඩි ව්‍යසනයකට, ඛේදවාචකයකට ලක්වී තිබෙන මත්ද්‍රව්‍ය පිළිබඳ ප‍්‍රශ්නය.

මේ සමුළුව ඊයේ ආරම්භ කළ අවස්ථාවේ පළමු දේශනය කළ බ‍්‍රසල්ස් ජනාධිපතිතුමා මේ පිළිබඳ කරුණු පැහැදිළි කළා. එතුමාගේ අදහස්වලට මගේද එකඟතාවය පළ කරමින් සමාජයීය වශයෙන් පාසල් දරුවන් ප‍්‍රමුඛ නව පරපුර සියලූ පුරවැසියන් බරපතල ඛේදවාචකයකට මුහුණ දී තිබෙන මෙම මත්ද්‍රව්‍ය උවදුර ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ජාතික වශයෙන් ඉවත් කිරීම, මර්ධනය සහ පාලනය සඳහාඑක්සත් ජාතින්ගේ මහ සමුළුවේ අවධානය යොමු කරමින් දැනට වඩා විධිමත්, ශක්තිමත් ජාත්‍යන්තර වැඩපිළිවෙළක අවශ්‍යතාවය අපි දකිනවා.

ඒ වගේම අපි සැමවිටම අන්තර්ජාතික සහ ජාතික වශයෙන් කටයුතු කිරීමේදී මෙම කරුණුවට මූලිකත්වය දීම අවශ්‍යයි.

ඒ වගේම මගේ රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස සහ යහපාලනය නීතියේ ආධිපත්‍ය සහතික කිරීමට අවශ්‍ය බොහෝ පියවර ගණනාවක සුබවාදී පර්වර්ථනයන් තුළින් ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින් නැවත මගේ රටේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහාසියලූ පියවර මේ වන විට ගෙන තිබෙන බව ඉතාම සතුටින් පැහැදිළි කිරීමට පුළුවන්.

ජාතික සංහිඳියාවශක්තිමත් කිරීමේදී වසර 30 කට ආසන්න කාලයක් මිලේච්ඡ යුද්ධයකට මුහුණ දුන් රටක් විදියට ඒ තුළ ලබාගත් අත්දැකීම් සමඟ නැවත කිසිදු අවස්ථාවක මගේ රටේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීමත් රට තුළ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමත් ජාතික සංහිඳියාවතුළ ශක්තිමත් පදනමකින් ජාතීන් අතර සමගිය ඇති කරමින් ඉතාම ප‍්‍රමුඛ රාජ්‍යයක් බවට පත්කීරමට මූලිකත්වය ගෙන තිබෙනවා.

ඒ සඳහා සෑමවිටම ලෝකයේ සියලූම රාජ්‍යයන්හි හා අන්තර්ජාතික සංවිධානවල ආශිර්වාදය සහ සහයෝගය මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ශී‍්‍ර ලංකාවේ ස්වාධිනත්වය, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින් ජාතික සංහිඳියාපිළිවෙත ශක්තිමත් කිරීමේදී හඳුන්වාදෙන නව දේශපාලන ප‍්‍රතිසංස්කරණවලදී මගේ රට වගේම ලෝකයේ සෑම රටකටම, ලෝකයේ සෑම ජාතියකටම අනන්‍ය වූ වගේම අත්‍යාවශ්‍ය වූ ස්වදේශකවාදී චින්තනයක් හා දැක්මක් තුළින් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ගමනක් සඳහා ඒ අදාළ හරයන් ප‍්‍රමුඛ වූ අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ සමග යාමේදී ජාත්‍යන්තර සහයෝගය සහ මතවාදය එක්ව අන්තර්ජාතික සාමුහිකත්වය සහ සහයෝගය තුළ මානව සමාජයේ ප‍්‍රබුද්ධ රටක් ලෙස මගේ රට ගොඩනැගීමයි ප‍්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ.

අවුරුදු 30 කට ආසන්න යුද්ධයක පැටලි සිටි අපි සැමවිටම ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින් යන ගමනේදී ඉතාමත් ප‍්‍රඥාවන්ත, ප‍්‍රබුද්ධ, බුද්ධිමත් දේශපාලන ගමනක් ඉවසීමෙන් සන්සුන්ව යමින් මගේ උතුම් ශී‍්‍ර ලංකා මාතෘ භූමිය බලාපොරොත්තුවන ඉලක්ක සපුරා ගැනීම සඳහාඔබ සියලූදෙනාගේ සහයෝගය සහ ආශිර්වාදය මා ඉල්ලා සිටිනවා.

මූලික වශයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මුන් මහතා සහ විධායක සභාව ශී‍්‍ර ලංකාවට සෑම අවස්ථාවක ලබාදෙනු ලබන සහයෝගය මා ඉතාමත් අගය කරනවා.

ඒ වගේම එක්සත් ජාතින්ගේ මහ ලේකම් බෑන් කී මුන් මහතා පසුගිය කාලය තුළ ඉටු කරන ලද අන්තර්ජාතික සේවාව වගේම සංහිඳියාපිළිවෙත ශක්තිමත් කිරීමට මුළු මහත් ලෝකයට සහ මානව සමාජයට අවශ්‍ය පුළුල්සංවර්ධන කි‍්‍රයාදාමයන් ඉෂ්ට කිරීම සඳහාඑතුමා කළ සේවය මා ඉතාමත් අගය කරනවා.

ඒ නිසා අවසාන වශයෙන් මගේ රට ශී‍්‍ර ලංකාද්වීපය ලෝකයේ ප‍්‍රබුද්ධ රාජ්‍යයක් බවට පත් කිරීම සඳහානව පරපුරට නව දැනුමෙන් සන්නද්ධ කිරීමට අප ගෙන යන වැඩපිළීවෙළේදී අපි ලෝකයේ සෑම රටකටම ආදර්ශමත් නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ගොඩනගමින් මගේ රජයේ වගකීම සෑමවිටම ඉටු කරන බව ප‍්‍රකාශ කරන බව ප‍්‍රකාශ කරමින් ඒ සඳහාඔබ සියලූදෙනාගේ සහයෝගය සහ ආශිර්වාදය ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.”

Related posts

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

Admin

අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර තේ වත්තකින් හමු වෙයි

Admin

රට පුරා සිදුකළ පැය 3ක පොලිස් මෙහෙයුමකින් 3520ක් අත්අඩංගුවේ

colombotoday

පොලිසියට පාට් දැමූ වෙන්නප්පුව එජාප ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිනිය රිමාන්ඞ්

colombotoday

48ක කාන්තාවකට කැත්තකින් පහරදී ඝාතනය කරයි

Admin

රිෂාඩ් බදුර්දින්ට හෙට රහස් පොලිසියට කැඳවීමක්

colombotoday