Colombo Today Local News

එක්නැලිගොඩ නඩුවට, වසරක් සිරගතව සිටි බුද්ධි නිලධාරීන් 4කට ඇප.. තවත් 5ක් ඇතුලේ !

eknaligoda

ප්‍රගීත් එක්නැලිගොඩව අතුරුදන් කෙරුණු බවට චෝදනා එල්ලකරමින් සිරගත කරසිටි යුද හමුද බුද්ධි අංශ සාමාජිකයන් සිව් දෙනෙකුට අවිස්සාවේල්ල මහාධිකරණය විසින් ඇප නියම කර තිබේ.

අදාළ නඩුව ඊයේ (19) අවිස්සාවේල්ල මහාධිකරණයේදී විභාගවූ අවස්ථාවේදී එම නඩුවේ 06වන,07වන,08වන සහ 09 වන සැකකරුවන්ට මෙලෙස ඇප නියම වී ඇත.

මෙලෙස ඇප නියමවී ඇත්තේ මෙම නඩුවේ 06වන සැකකරු වන ලුතිනන් චමින්ද කුමාර, 07 වන සැකකරු වන මාණ්ඩලික සැරයන් එස්.එම් කණිෂ්ක ගුණරත්න,08වන සැකකරුවන මාණ්ඩලික සැරයන් අයියසාමි බාලසුබ්‍රමනියම් සහ 09 වන සැකකරු වන සැරයන් ඩී.ජී තරංග ප්‍රසාද් ගමගේ යන පිරිසටයි. රුපියල් ලක්ෂ 05 බැගින්වූ මුදල් ඇප 4ක්, එක් සැකකරුවෙකුට රු.ලක්ෂ 30 බැගින්වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට අවිස්සාවේල්ල මහාධිකරණය තීරණය කර තිබේ.

එක්නැලිගොඩ නඩුවට අදාලව නැගෙනහිර හිටපු සන්නද්ධ බුද්ධි බළකා ප්‍රධානී ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න ඇතුළු නිලධාරීන් පස් දෙනෙකු තව දුරටත් බන්ධනාගාරගත සිටී.

Related posts

පාසල් සිසුන් එන්නත්කරණය ඇරඹේ

colombotoday

2011 ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාව: එපා කියද්දී ප‍්‍රකාශයක් දෙන්න මහේල එයි

colombotoday

සතොස කිරිපිටි – සීනි මිල අඩු කරයි

Admin

සේවයෙන් පැන ගිය ත්‍රිවිධ හමුදා සෙබළුන්ට විශේෂ දැනුම්දීමක්

Admin

ජාතික ගීය දෙමළෙන් නොගයා රට ඉස්සරහට යන්න බෑ.. ආක්ෂක ලේකම් පිස්සෙක් !

colombotoday

කුකුළා අරන් තොණ්ඩා ආණ්ඩුවට පනී.. ලොකු ඇමතිකමක් ලෑස්තියි !

colombotoday