Colombo Today Local News

“නව ව්‍යවස්ථාවෙන් මීට වඩා බලය බෙදීමක් ලැබේවි“ – සම්බන්ධන්

tna 265ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව මගින් ප්‍රාදේශීය මට්ටමෙන් දැනට වඩා බලය විමධ්‍යගත කිරීමක් සිදුකෙරෙනු ඇතැයි බලාපොරොත්තු වන බව විපක්ෂනායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසයි.

විපක්ෂනායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කර ඇත්තේ සාම්පූර් විද්‍යාලයේ පැවැත්වුණු කෘෂිකර්ම ප්‍රදර්ශනයක් විවෘත කළ අවස්ථාවේදීය.

පවතින ව්‍යවස්ථාව මගින්ද එක්තරා දුරකට පළාත්වලට බලය විමධ්‍යගත කර තිබෙන බව පෙන්වා දුන් විපක්ෂනායකවරයා, කෙසේ නමුත් එමගින් දෙමළ ජනතාව ඉල්ලා සිටින මට්ටමට බලය විමධ්‍යගත වී නැති බවත් පෙන්වා දී ඇත.

එබැවින් නව ව්‍යවස්ථාව මගින් තවදුරටත් බලය විමධ්‍යගත කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව සඳහන් කළ ඔහු, නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂ මතුකරමින් සිටින පරස්පර විරෝධී අදහස් පිළිබඳව අවධානය යොමු නොකළ යුතු බවද අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ ජාතීන් අතර පූර්ණ සංහිඳියාවක් ඇතිකරනු වස් ෆෙඩරල් ක්‍රමයක් මත පදනම් වූ අර්ධ අනාගමික රාජ්‍යයක් නව ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කළ යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බ්‍රහස්පතින්දා කොළඹදී විශේෂ දේශනයක් පවත්වමින් සඳහන් කර තිබුණි.

(BBC)

Related posts

මන්නාරම රදගුරු රායප්පු ජෝශප්ට එරෙහිව හින්දු ජනතාව වීදි බසී

colombotoday

20ට එරෙහි පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

colombotoday

බහාලුමක් කඩා ලක්ෂ 25ක එනසාල් සොරකම් කළ තිදෙනෙකු අත්අඩංගුවට..

Admin

විල්පත්තුවේ අනවසර ඉදිකරීම් නවතන්න ගොණුකල පෙත්සමට අධිකරණය ඊයේ දුන් නියෝගය

colombotoday

චන්ද්‍රිකා සමග මංගලගේ කල්ලිය රනිල් අගමැති කිරීමේ මෙහෙයුමක

colombotoday

පුද්ගලික පාසල් 400කට කැබිනට් අනුමැතිය… අධ්‍යාපනය පෞද්ගලීකරණය තවත් පියවරකින් ඉදිරියට…

colombotoday