Colombo Today Local News

වැට් බදු සංශෝධන පනතට කැබිනට් අනුමැතිය

vat

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

අදාළ පනත් කෙටුම්පත අද (31) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ අතර ඊට මෙලෙස අනුමැතිය හිමි වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා නොගැනීම හේතුවෙන් වැට් බදු සංශෝධන මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද ශ්‍රේෂ්ඨාධිකරණය එය ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන බව ප්‍රකාශ කර තිබිණි.

නව කෙටුම්පත සකස් කිරීමට පෙර නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ මුදල් අමාත්‍යවරයා සාකච්ඡාවක නිරත වී ඇති අතර ඔවුන් ඉදිරිපත් කළ යෝජනා ද ඇතුළත් කරමින් නව කෙටුම්පත සකස් කර ඇත

Related posts

බසයක් ත්‍රිරොදයක ගැටී 17ක් රෝහලේ…

Admin

අවිස්සාවේල්ල මැතිවරණ බලප්‍රදේශයේ සියලු පාසල් හා රාජ්‍යාතන හෙට වැසේ

colombotoday

කැලණිතිස්ස බලාගාරයක් හෙට සිට නවතී

Admin

ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයා හමුවෙයි !

colombotoday

සනත් නිශාන්තගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

Admin

චම්පික රණවක රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday