Colombo Today Local News

ලාභ ලබන “ලංකා මිනරල් සෑන්ඩ්ස්”, “පරන්තන් කෙමිකල්ස්” බදුර්දීන්ගේ ගෝලයෙකුට විකුණා දැමේ !

lmn222පාඩු ලබමින් පවත්වාගෙන යන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ දැනට ලාභ ලබන ආයතන 2ක්ද ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම්වන බව වාර්තා වේ.

මෙසේ ප්‍රතිව්‍යුහගත කිරීමට සැරසෙන ආයතන දෙක වන්නේ මිනරල් සෑන්ඩ්ස් හා පරන්තන් කෙමිකල්ස් යන ආයතන දෙකයි.

මේ සම්බන්ධ තීන්දුව මේවන විට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා විසින් කර්මාන්ත හා වානිජ අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇතැයි පැවසේ. පසුගිය 10 වැනිදා රැස්වූ ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව විසින් මේ තීරණය ගෙන තිබේ.

පරන්තන් කෙමිකල්ස් ආයතනය ජාතික ජල සම්පාදන මණ්ඩලයට ජලය පිරිසිදු කිරීමට ක්ලෝරීන් සපයමින් ලාභ ලබන බව පැවසේ. ලංකා මිනරල් සෑන්ඩ් ආයතනය ද රුපියල් මිලියන 500කට වඩා ගිණුම් ශේෂයක් පවත්වාගෙන යනු ලබන ආයතනයක් බව වාර්තා වේ.

මේ අතර කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ සමීප හිතවතෙකු සහ ව්‍යාපාරික හවුල්කරුවකුගේ සමාගමක් වන “ඇල්කමි” වෙත මෙම රාජ්‍ය සමාගම් දෙක විකුණා දැමීමට සියලු කටයුතු සුදානම් ඇත. සමාගම් දෙකෙහි මූල්‍යමය වටිනාකම පවා නිවැරදි ලෙස තක්සේරු කර නොමැති අතර, පවතින වටිනාකමටත් අඩුවෙන් කුණු කොල්ලයට මෙම සමාගම් දෙක විකුණා දැමීම සදහා කටයුතු සිදුවෙමින් පවතින බවද අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩි දුරටත් අනාවරනය කරයි.

Related posts

විශ්‍රාම වැටුප් අහිමි වූ මංත්‍රීවරු

Admin

මුලතිව් විහාරස්ථාන රැකදෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක්.

colombotoday

“එකතු කළ අගය මත බද්ද වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නැහැ”

colombotoday

බෙහෙත් නොදී යාච්ඤා කරයි. – දරුවෙක් මියයයි. මව්පියන් අත්අඩංගුවට.

colombotoday

ලංගම බස් රථවල ටිකට් ගන්න අලුත් ක්‍රමයක්

Admin

ප්‍රබලයකුගේ මාර්ගයෙන් ආණ්ඩුවට එක් වෙන්න ආ බදියුදීන්ව ජනපති අණින් හරවා යවයි

colombotoday