Colombo Today Local News

නාමල් ශ්‍රීලනිපයෙන් නෙරපන්න.. මධ්‍යම කාරක සභාවට යෝජනාවක් !

namal rajapaksha

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැතිවිය යුතු බවට වන යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළග මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

පක්‌ෂය හා පක්‌ෂ නායකත්වයට දිගින් දිගටම විවේචනය කිරීම හා දූෂණ චෝදනා එල්ලවීම යන කරුණු පදනම් කරගෙන මෙම යෝජනාව මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ පවසා තිබෙනවා.

පසුගිය කාලය තුළ නාමල් රාජපක්‌ෂ මහතා පක්‌ෂයට හානිවන ආකාරයට දිගින් දිගටම කටයුතු කර ඇති බවත් ඔහුට එරෙහිව එල්ල වී තිබෙන දූෂණ චෝදනා ඉතා බරපතළ ඒවා බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ.

Related posts

ගාලු කොටුවේ ගොඩනැගිලි සියයකට අධික ප්‍රමාණයක් විදේශිකයෝ මිලට ගනිති

colombotoday

අද සමහර ඇමතිවරුන් යන්නෙ පාරෙ බස්වල – මහින්දානන්ද ආණ්ඩු දෙකේ වෙනස කියයි

colombotoday

ගමේ ජෙවිපීකාරයෝ බලන් ඉන්නේ ගෙවල් ගිනිතියන්න

Admin

වාෂ්ප ආශ්වාස කිරීමෙන් කොවිඩ් 19 වළක්වා ගත නොහැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

colombotoday

අඹුසැමි යුවළක් සහ දරුවාකු ඝාතනය කල ටයිකොන්ඩෝ පුහුණුකරුවා

Admin

ඩිජිටල් ඇමතිගෙන් තරුණයන්ට ලාබෙට ස්මාර්ට් ෆෝන් සහ ටැබ්ලට්

colombotoday