Colombo Today Local News

සේවා දිගුවක්වත් නොදී කමල් ගුණරත්න රණවිරුවා ගෙදර යැව්වේ දෙමළ ඩයස්පොරාව සතුටු කිරීමටයි

mohomed musammilදෙමළ ජාතිවාදී බෙදුම්වාදී ඩයස්පෝරාව සතුටු කිරීම සඳහා මේ ආණ්ඩුව කිලිනොච්චිය කොටි ත්‍රස්තවාදයෙන් මුදවාගෙන නන්දිකඩාල් කලපුව ආශ්‍රිත ප්‍රදේශයේදී කොටි නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන් විනාශ කිරීමට මුල් වූ යුද හමුදා 53වැනි සේනාංකයට, නායකත්වය දුන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න රණවිරුවා සේවා දිගුවක් හෝ ලබා නොදී විශ්‍රාම ගන්වා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී තමන්ට සහ සරත් වීරවංශ මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පවරා ඇති නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුසම්මිල් මහතා මෙසේ ද සඳහන් කළේය.
“යහපාලන ආණ්ඩුව උත්සාහ කරන්නේ තමන්ට හීලෑ නොවන සියලු දෙනා දඩයම් කරන්න. එහෙත් අපට අධිකරණය පිළිබඳව විශ්වාසයක් තිබෙනවා.

මේ මොහොතේදී රටේ උද්ගත වෙලා තිබෙන භයානක තත්වය පැහැදිලි කරන්න ඕනෙ. එත්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා පැමිණ ‘ශ්‍රී ලංකාව තුළ රුවන්ඩාව තුළ මෙන් විශාල සමූහ මිනිස් ඝාතනයක් සිදුව ඇත’ කියලා කිව්වා. දැන් අෘණ්ඩුවේ ඇමතිවරු ඒ කතාව සාධාරණීකරණය කරන්න හදනවා. නමුත් බැන් කී මූන් මේ එල්ල කරන්නේ යුද අපරාධ චෝදනාව නොවෙයිද?

ඒ විදියට විශේෂ අධිකරණ යාන්ත්‍රණ පිහිටුවීමට පෙරම බැන් කී මූන්ලා අපේ රණවිරුවන්ට යුද අපරාධයක් වන ‘සමූහ මිනිස් ඝාතනය’ නම් වූ චෝදනාව එල්ල කරමින් සිටිනවා. ඉතිං මේ යාන්ත්‍රණ මගින් අපේ රණවිරුවන්ට සාධාරණයක් අපෙක්ෂා කළ හැකිද?

ඒ වගේම මේ අෘණ්ඩුව රණවිරුවන්ගෙන් පලිගැනීම දිගින් දිගටම සිදු කරනවා. කිලිනොච්චිය කොටි ත්‍රත්සවාදයෙන් මුදවා ගෙන නන්දිකඩාල් කලපුව ආශ්‍රිත ප්‍රදේශයේදී වෙළුපිල්ලේ ප්‍රභාකරන් විනාශ කිරීමට මුල් වූ යුද හමුදා 53 වැනි සේනාංකයට, නායකත්වය දුන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න රණවිරුවාගෙන් මේ ආණ්ඩුව පලිගත් ආකාරය ඉතාම නින්දිතයි. ඔහුට ඊළඟ උසස්වීම ලබා නොදී අවම වශයෙන් ඔහුට සේවා දිගුවක් හෝ ලබානොදී විශ්‍රාම ගැන්වීමට මේ යහපාලන ආණ්ඩුව කටයුතු කළා. ‘කමල් ගුණරත්න රණවිරුවාට මෙසේ සැලකුවේ අදටත් අන්ත ජාතිවාදී ක්‍රියාවල නිතරවන කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමට නේද? කියා අපි ආණ්ඩුවෙන් අහනවා. කොටි ත්‍රස්තවාදය පැරදවීමට කැප වූ බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන මේ වන විට වසරක කාලයක් ගත වී තිබෙනවා. අපට නිදහසේ හුස්ම ගැනීමට ඉඩකඩ සලසා දුන් ඒ රණවිරුවන් අද වැලිකඩ සිරගෙදර සිරබත් කමින් දුක් විඳිනවා.

ඒ ආකාරයට රණවිරුවන් දඩයම් කරන ආණ්ඩුව එවැනිම දඩයමක් ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනඥයන්ට එරෙහිව ද දියත්කර තිබෙනවා. මැලේසියාවේ ජීවත් වන කොටි ඩයස්පෝරාවේ සාමාජිකයන් මැලේසියානු ශ්‍රී ලංකා මහකොමසාරිස්තුමාට මිලෙච්ඡ ලෙස පහර දෙන විට, හිටපු ජනාධිපති රාජපක්‍ෂ මහතාට පහර දීමට තැත් කළ විට මේ ආණ්ඩුවේ එජාප මන්ත්‍රීවරුන්, ‘ඒක මහින්ද රාජපක්‍ෂගේ වරදක් නිසා සිදු වූවක්’ කියාල ඇඟ බේරා ගැනීමට හදනවා. ඒ නින්දිත උත්සාහය අපි දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා.

‘රණවිරුවන් හා අප වැනි හීලෑ නොවන දේශපානඥයන් දඩයම් කිරීමෙන් ඔබලාට ලැබෙන දෙයක් නැහැ. දිනෙන් දින ජනතා අප්‍රසාදයට පත්වීමයි සිදු වන්නේ’ කියා මේ ආණ්ඩුවට පෙන්වා දීමට කැමතියි.

ඒ නිසා ඒ මෝඩ වැඬේ අතහැරලා දැන්වත් ජනතාවට ලබාදුන්නු යහපාලන පොරොන්දු ඉටු කරන්න කියලා අපි ආණ්ඩුවට බලකර කියා සිටිනවා.”

– අනුරුද්ධ බණ්ඩාර

Related posts

බැංකුවකට ඇතුළු වී මුදල් සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවේ

colombotoday

බුලත්සිංහල අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

මහාසංඝරත්නයේ විරෝධයට ආණ්ඩුව දන නමයි.. ‘රණවිරු දඩයම් පනත‘ තාවකාලිකව අකුලා ගනී !

colombotoday

කොළඹ ඉඩම් ගොඩකිරීම ජනපති තහනම් කරයි

colombotoday

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වඩාත් සුක්ෂමව

colombotoday

පෑලියගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් තිදෙනකුගේ වැඩ තහනම්

Admin