World

පිලිපීනයේ වැඩවලට ඇගිලි ගහන්න ගිය ඔබාමාට පිලිපීන ජනපති අමු කුණුහරුපෙන් අමතයි !

philipine

තමන් ඇමරිකාවේ හෝ බැරක් ඔබාමාගේ රූකඩයක් නොවන බවත්, තමන් පිලිපීන ජනතාවට මිස වෙනත් කිසිවෙකුටත් පිළිතුරු දීමට සූදානම් නොමැති බවත්, පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩූටට් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඔහු මෙලෙස ප්‍රකාශ කර තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සදහා පිලීපීන රජය ගෙන ඇති දැඩි පියවර සම්බන්ධයෙන් පිලිපීන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට තමන් අපේක්ෂා කරන බවට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

ජනාධිපති බැරක් ඔබාමා හැඳින්වීමට රොද්‍රිගෝ ඩූටට් විසින් ඉතා අසභ්‍ය වචන ද භාවිත කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩූටට් අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවක් අමෙරිකාව විසින් අවලංගු කර තිබෙනවා.

Related posts

කොරෝනා සුව වූ රෝගීන්ට යළි වයිරසය සක්‍රීය වීමේ ප්‍රවණතාවක් – දකුණු කොරියාවේ රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය කියයි

colombotoday

ට්විටර් CEO තනතුර ගන්න මෝඩ අයෙක් හමුවෙනතුරු මස්ක් බලා සිටී

Admin

පලස්තීන ඉස්ලාමීය දේශකයෙකුගෙන් ප්‍රංශයට එරෙහිව යුද්ධයක් ඉල්ලා ත්‍රස්තවාදී ප්‍රකාශයක්.

colombotoday

විනාඩි 25කදී ගාසා තීරයට බෝම්බ ප්‍රහාර 122 ක් | පලස්තීන විදේශ ඇමතිගෙන් ජාත්‍යන්තර යුද අධිකරණයට ලිපියක්

colombotoday

ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්වෙයි

colombotoday

ලොව පුරා කොරෝනා මරණ 150,000 ඉක්මවයි

colombotoday