Colombo Today Local News

“එජාපයයි, ශ්‍රීලනිපයයි අයියයි මල්ලියි වගේ.. අපි දැන් එකට වැඩ” – සජිත්

sajith premadasa

රට වෙනුවෙන්, දේශය වෙනුවෙන් රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකමුතු වී වැඩ කටයුතු කිරීම සතුටුදායි කරුණක් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“එක්සත් ජාතික පක්ෂය ලබන සතියේ සංවත්සරය සමරනවා. හරියට වැඩිමහල් සහෝදරයයි, බාල සහෝදරයයි වගේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය පුරාවටම එක්සත් ජාතික පක්ෂය කියන වැඩිමහල් සහෝදරයයි, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කියන බාල සහෝදරයයි හැමදාම ගැටුනා, හැමදාම හැප්පුනා. තට්ටු මාරු ක්‍රමයට් රටේ පාලනය ගෙනිච්චා. යු. එන් පීය දිනන කොට ශ්‍රිලනිපය කොන් වෙලා.ශ්‍රිලනිපය දිනන කොට යුඑන්පීය කොන්වෙලා. ප්‍රජාතන්ත්‍රවාදීව කවුරු දින්නත් රටේ එක්තරා කොට්ඨාශයක් කොන් වෙලා. එත් අද එජාපයේ නායකතුමයි ශ්‍රිලංනිපයේ නායකතුමයි දේශපාලන වශයෙන් සුසංයෝගයකට එක් වෙලා, සංහිදියාවකට එක් වෙලා රටේ සාමය, සංහිදියාව, ආර්ථික සංවර්ධනය වැඩි කරන්න කටයුතු කරමින් ඉන්නවා.” අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Related posts

ටෙලිකොම් ආයතනයට අතුරු තහනමක්

colombotoday

“දැඩි ආර්ථික අර්බූධයක්.. හම්බන්තොට චීනයට දීම එකම විසදුමයි“ – මහබැංකු අධිපති

colombotoday

ජනාධිපති බැදුම්කර කොමිෂන් සභා වාර්තාව දැන් අන්තර්ජාලයේ

colombotoday

මහගමසේකර නොදකින මාකඳුරේ මදුෂ්ව පුම්බන අපේ මාධ්‍ය

colombotoday

පාර්ලිමේන්තු සභා ගර්බය තුලට කතානායක පොලිසිය සමග එයි

colombotoday

කුලියාපිටිය නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා ?

colombotoday