මැලේසියාවේ සංචාරයක නිරත වී සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි මැලේසියාවේ එල්.ටී.ටී.ඊ හිතවාදී දමිළ ඩයස්පොරා සාමාජිකයන් ශ්රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
මැලේසියාවේ දෙමළ ඩයස්පෝරා සංවිධාන වන පේර්තුබුහාන් නාම් තමිලර් සංවිධානය ඇතුළු එරට දෙමළ ප්රජාව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් හිටපු ජනාධිපතිවරයාට එරෙහි විවිධ සටන් පාඨ හා විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූහ.