Colombo Today Local News

සංශෝධන රහිතව සම්මත වූ අතුරුදන්වූවන්ගේ කාර්යාල පනතට අපි විරුද්ධයි – හෙළ උරුමය

jhu

අවශ්‍ය සංශෝධන ඇතුළත් නොකොට සම්මත වූවායැයි කියන අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමේ පනත පිළිගත නොහැකි බව ජාතික හෙළ උරුමය පවසයි.

ඊයේ (24) බත්තරමුල්ල පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ‍ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා එසේ පැවසීය.පෙරේදා (23) අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමේ සම්මත වූ පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තැබුවද ඊට එක් කළ සංශෝධන නියමිත ලෙස එක්වී නැතැයි පාර්ලිමේන්තුවේ දැඩි විවේචන එල්ල වූ බවද සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද ඊට සංශෝධන ගෙනා බවත් වර්ණසිංහ මහතා පැවසීය.

නියමිත සංශෝධන රහිතව සම්මත වී ඇති පනත ඒ අයුරින් පිළිගැනීමට ජාතික හෙළ උරුමය සූදානම් නැති බවත් අදාළ සංශෝධන ඊට එක්විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

Related posts

සමන් රත්නායක අද අධිකරණයට

Admin

ශ්‍රී ලංකා වරාය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ

colombotoday

මාස දහයක් තිස්සේ මටත්, මගේ පවුලටත්, එජාපයටත් පව්කාරයා සේ සලකා ගල් ගැසුවේ මේ ටික කියන්නද? රවී අසයි

colombotoday

කීරි සම්බා කිලෝ 50,000ක් ආනයනයට අනුමැතිය

Admin

“පිං කැටවල මුදල් ගණන් කිරීම සාමාන්‍ය දෙයක්“ – බුද්ධ ශාසන අමාත්‍යාංශය

colombotoday

ඔබේසේකරපුර ගිනි ගැනීමක්

Admin