එක්සත් ජාතීන්ගේ සංවිධානය පිලිපීනයට මානව හිමිකම් නිරීක්ෂකයන් එවීමට ක්‍රියා කළහොත් තමා ඔවුන්ගේ ඔලුපළන බව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ප්‍රකාශ කර ඇත.
පිලිපීනයට එවන්නේ කවුදැයි මා බලා සිටිනවා. ඔවුන් ආවොත් මම ඔවුන්ගේ හිසට පහර දෙනවා යෑයි පිලිපීන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
පිලිපීන ජනාධිපතිවරයා ගෙන යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සංහාරය නිසා මේ වන විට විශාල පිරිසක් ඝාතනය වී ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මරාදමන ලෙස ජනාධිපති රොඩ්රිගෝ පිලිපීන පොලිසියට නියෝග කර ඇත.