Colombo Today Local News

යුරෝපා සංචාරයේදී හිටපු ජනපති මහින්ද අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

mr266

ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් කිහිපයක සංචාරයක නිතර වීමට නියමිත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුරෝපයේ රටකදී අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුමක් සිදුවෙමින් පවතින බවට අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා අවසන් වරට බ්‍රිතාන්‍යය යේ සංචාරය කරද්දී ගෝලීය දෙමළ සංසදය (GTF)හා බ්‍රිතාන්‍ය දමිළ සංසදය (BTF) විසින් ලන්ඩන්, වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් උසාවියේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ඉල්ලා තිබෙන අතර, එවකට රාජ්‍ය නායකයෙකු වශයෙන් පවතින මුක්තියේ ආරක්ෂාව හේතුවෙන් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වැළකී තිබෙන බවයි එම වාර්තා සදහන් කරන්නේ.

එම නඩුවේ පැමිණිළිකාර පාර්ශවය මෙතෙක් ඉල්ලා අස්කරගෙන නොමැති බවත්, එය මේ වන විටත් වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් උසාවියේ බතා තිබෙන බවත්, යම් හෙයකින් පැමිණිලිකාර පාර්ශවය මෙකී අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නැවත ඉල්ලා සිටියහොත් එය නිකුත්වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවත් එම වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.

Related posts

මහ කන්නයට කාබනික පොහොර නිෂ්පාදනයට පියවර

colombotoday

බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩ තහනම්

colombotoday

ජනපති ස්කොට්ලන්තයට යයි

colombotoday

මංතීරු නිතීය අද සිට යළි ක්‍රියාත්මකයි

colombotoday

LTTE ත්‍රස්තයන්ගේ ක්‍රමයට අවමඟුල් උත්සවයක් නොර්වෙහිදී

colombotoday

මහින්ද ට්වීටර් හරහා ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියයි.. මෛත්‍රීටත් පණිවිඩයක් දෙයි !

colombotoday