කිලිනොච්චිය, පරවිපරච්චාන් යුද හමුදා කදවුර සති දෙකක් ඇතුළත ඉවත් කිරීමට රජය එකග වූ බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසයි.
හමුදා කදවුර ඉවත් කර ඉඩම් පවරා දෙන්නැයි ඉල්ලා පරවිවරච්චාන් යුද හමුදා කදවුර ඉදිරිපට විරෝධතාවයේ නිරත වූවන් හමුවූ අවස්ථාවේ විපක්ෂ නායක වරයා මේ බව ප්රකාශ කර තිබේ.
පරවිපරච්චාන් යුද හමුදා කඳවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා සහ කිලිනොච්චිය දිස්ත්රික් ලේකම්වරයා සමග තමා සාකච්ඡා කළ බවත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්රාමාත්යවරයා සමග ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ආර්. සම්බන්ධන් පවසයි.