වව්නියාව ගුවන් හමුදා කදවුරු භූමියෙන් කොටසක ඉඩම් මුදාහැරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඊයේ (16) දා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී ආරක්ෂක ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කෙන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ආරක්ෂක හේතුන් මත 1986 වසරේදී ගුවන් හමුදා කදවුරට පවරාගත්, එවකට වව්නියාව රම්බකුලම් බාලිකා විදුහලේ ක්‍රීඩාංගණය හා එයට අයත්ව තිබූ භූමියද විදුහලට පවරා දීමට කටයුතු කර තිබේ.