Colombo Today Local NewsWorld

ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවල අත නොතබන්නැයි ඉන්දීය රජය අල් හුසේන්ට දන්වයි

India rejects UNHRC's request to visit occupied Kashmirමානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා ගැන පරීක්‍ෂා කිරීම සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දූත කණ්‌ඩායමකට ඉන්දියාවට පැමිණීම සඳහා කළ ඉල්ලීම ඉන්දීය රජය එකහෙළාම ප්‍රතික්‍ෂේප කර ඇත.

මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් කුමරුගේ මෙම ඉල්ලීම ඉන්දියාවේ සියලුම දේශපාලන පක්ෂ විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

ඉන්දීය හමුදාව කාශ්මීරයේ මානව හිමිකම් උල්ලංඝනය කරන බවට පාකිස්‌තානයේ අගමැති නවාස්‌ ෂරීප් විසින් මානව හිමිකම් කොමසාරිස්‌ට පැමිණිලි කර තිබිණි.

එහෙත් ඉන්දියාවේ දේශපාලන පක්‍ෂ පැවසුවේ මානව හිමිකම් කවුන්සිලයේ මෙම තීරණය ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක්‌ වන බවයි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශයක්‌ කරමින් බෙදුම්වාදීන් සමඟ සාකච්ඡා කිරීමට තමා ඉදිරිපත් වන්නේ නැතැයි සඳහන් කර ඇත.

කාෂ්මීරය සම්බන්ධව කිසිදු එකඟතාවන්ට එන්නේ නැතැයි ද නරේන්ද්‍රමෝදි තවදුරටත් දන්වා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

මඩකලපුවේ ශරියා විශ්වවිද්‍යාය ගැන අන්තරේ විමසයි

colombotoday

සොලමන් දූපත් රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹේ…. අවට රටවලට සුනාමි අනතුරු ඇගවීම්

Admin

ONMAX DT අධ්‍යක්ෂවරුන් 05ක් අත්අඩංගුවට

Admin

පක්ෂයට ද්‍රෝහිවූවා කියා ප්‍රසන්න, බන්ධුල, දිලුම් ශ්‍රීලනිපයෙන් නෙරපන්න සූදානම්!

colombotoday

රටින් පැන මෙරට පාතාල මත් ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ප්‍රධාන පෙළේ අපරාධකරුවන් විසි හතරක් අල්ලන්න රතු නිවේදන

colombotoday

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 23ක් – වෛද්‍යවරියන් තිදෙනෙක් ද ඒඅතර

colombotoday