පෙරේදා රාත්‍රියේ දිවයිනට පැමිණි ඇමරිකානු පැසිෆික් ගුවන් බළකායට අයත් හමුදා කණ්ඩායම මේ වන විට උතුරේ සංචාරයක නිරත වෙමින් ක්‍රියාකාරකම් කිහිපය නිතරව සිටී.
එම කණ්ඩායම ඊයේ යාපනයේදී වෛද්‍ය සායනයක් හා සහන සේවා වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර සතියක පමණ කාලයක් උතුරේ රැදී සිටීමට නියමිත බව ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.
සංචාරය සදහා ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ජාතික සංහිදියා ඇමති මනෝ ගනේෂන්, උතුරු පළාත් මහඇමති විග්නේෂ්වරන්, විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ඇතුළු ද්‍රවිඩ සන්ධාන නියෝජිතයන් එක්ව සිටිති.
මේ අතර ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යාපනය සහ කිලිනොච්චියේ හමුදා කදවුරු නිරීක්ෂණ චාරිකාවක යේදී ඇති අතර එහිදී හමුදා භාරයෙන් මුදා හරින ලද සහ දැනට ඉතිරිව පවතින ඉඩම් සම්බන්ධයෙන් සොයා බැලිමක් කර ඇති බවද වාර්තා වේ.