Colombo Today Local News

මුදල් ඇමති වැට් විරෝධී ව්‍යාපාරිකයන් දඩයමේ.. වෙළද සංගම් නිලධාරීන්ගේ වෙළදසැල්වලට සීල් තබයි

56626ssds

තොග හා සිල්ලර වෙළෙදාමට ද අදාළ වන පරිදි සියයට 15 දක්‌වා වැට්‌ බදු වැඩි කිරීමට එරෙහිව රට පුරා විවිධ නගරවල කඩ සාප්පු වසා වෙළෙඳුන් විසින් සිදුකළ විරෝධතාවන්ට නායකත්වය දුන් සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුවේ ක්‍රියාකාරීන් බියවැද්දීම සඳහා, එම එකමුතුවේ ප්‍රධාන නිලධාරීන්ගේ සහ ක්‍රියාකාරීන්ගේ රෙදිපිළි වෙළෙඳසල් ශ්‍රී ලංකා රේගුව විසින් මේ වන විටත් මුද්‍ර (සීල්) තබා ඇතැයි වාර්තා වේ.

මේ අනුව මේ වන විට වෙළෙඳසල් හතක්‌ පමණ සීල් තැබීමට ලක්‌ව ඇති අතර ඉන් මුලින් මුද්‍ර තැබූ වෙළෙඳසල් තුනක්‌ මුදල් තැන්පතුවක්‌ මත විවෘත කිරීමට පසුව අවසර ලැබී ඇතැයි ද වාර්තා වේ.

නීති විරෝධී අන්දමින් රටට රෙදිපිළි ගෙනැවිත් ඇතැයි පවසමින් එම වෙළෙඳසල් ශ්‍රී ලංකා රේගුවේ විශේෂ විමර්ශන කණ්‌ඩායමක්‌ මගින් පරීක්‍ෂා කොට සීල් තැබීමට පියවර ගෙන තිබේ.

මේ අනුව සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුවේ සභාපති සරත් ධර්මසිරි මහතා, එහි ලේකම් ඉන්දික ලියනගේ මහතා සහ උප සභාපති ආර්. සමරක්‌කොඩි මහතා ඇතුළු එහි ක්‍රියාකාරීන් ගේ වෙළෙඳසල් මේ වන විට සීල් තබා ඇති බවත් වාර්තා වේ.

මෙසේ වැට්‌ පනතට විරෝධය දක්‌වමින් උද්ඝෝෂණය කළ වෙළඳ ව්‍යාපාරිකයන් දඩයම් කර එම ව්‍යාපාර මුද්‍රා තැබීමේ ක්‍රියාවලියට රේගු නිලධාරීන් යොදවා ගැනීමේ මුදල් ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ශ්‍රී ලංකා නිදහස්‌ රජයේ රේගු වෘත්තීය සමිති සංවිධානය සහ රේගුව සුරැකීමේ සංවිධානයේ සම කැඳවුම්කරු ඩබ්ලිව්. එම්. ආර්. විඡේකෝන් මහතා කීවේය.

වැට්‌ පනතට එරෙහිව ප්‍රසිද්ධියේ පෙනී සිටි ව්‍යාපාරිකයන් සතු සාප්පු රැසක්‌ මේ වන විට මුදල් ඇමැතිවරයාගේ නියෝගය මත රේගු නිලධාරීන් විසින් මුද්‍රා තබා ඇතැයි හෙතෙම කීවේය.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකාවේ නොමැති අවස්‌ථාවක වැඩ බලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස පත් කළ මුදල් අමාත්‍යාංශ නිලධාරියකු විසින් රේගු නිලධාරින් ලවා මෙසේ වෙළෙඳ ව්‍යාපාර කිහිපයක්‌ පසුගිය සතියේ මුද්‍රාතබා ඇතැයි ද විඡේකෝන් මහතා කීවේය.

මෙවැනි දේශපාලන පළිගැනීම් සඳහා රේගු නිලධාරීන් යොදවා ගැනීමේ මුදල් ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය හෙළා දකින බව ද මේ බව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පැමිණිලි කරන බව ද හෙතෙම කීය.

රේගු ආඥා පනත යටතේ වරදක්‌ සිදුකර නැති අවස්‌ථාවක මෙසේ මෙම ව්‍යාපාරිකයන්ට එරෙහිව කටයුතු කරන්නේ වැට්‌ පනතට එරෙහිව ඔවුන් හඬ නැඟීම නිසා බව ද හෙතෙම කීවේය.

කෙසේවුවද මුදල් අමාත්‍යංශය පවසන්නේ, ලංකා රේගුව විසින් පසුගියදා පරීක්‍ෂාවට ලක්‌ කළ ඇතැම් වෙළෙඳසල් කලක්‌ තිස්‌සේ බදු ගෙවීමකින් තොරව සංවිධානාත්මක ලෙස රට තුළට රෙදිපිළි රැගෙනවිත් ඇති බව මෙතෙක්‌ කළ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇති බවයි.

Related posts

බැසිල්ට ඉඩ සලසමින් ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි.

colombotoday

සත්ත්ව ආහාර නිෂ්පාදනයට සහල් හා වී භාවිතය තහනම් කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

හොරු අල්ලපු නිසා රජයේ ආදායම බිලියන 100කින් වැඩිවුණා – රාජිත

colombotoday

විශ්වාසභංගය සහ දෝෂාභියෝගයට විපක්ෂ නායක අත්සන තබයි

colombotoday

සාකච්ඡා අසාර්ථක වුවහොත් ජනාධිපතිවරණයට තනිව තරඟ කරනවා

colombotoday

ජනපති අවසන් වරට ජාතිය අමතන්න සූදානම්… වැඩි කැමැත්ත ගෝඨාභයටයි, අවසන් මොහොතේ සජිත් හමුවෙයි !

colombotoday