Colombo Today Local News

සැබෑ සංහිදියාව ආදර්ශයෙන්ම පෙන්වූ මුරලිදරන් මහතා සමුගනී.. අවසන් කටයුතු බෞද්ධ – හින්දු චාරිත්‍රානුකූලව

හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වූ ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ ලේකම් වී. මුරලිදරන් මහතාගේ අවසන් කටයුතු අද සවස කොළඹ 02 යුනියන් පෙදෙස අංක 155 දරන ස්ථානයේදී සිදු කෙර්.

පෙරවරුවේ එහි වැඩම කළ රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය හමුවේ මතක වස්ත්‍ර පූජා කරමින් ඒ මහතාට පිං පමුණවනු ලැබීය. අවසන් ගෞරව දැක්වීම සදහා පසුගිය දින කිහිපයේ හින්දු, බෞද්ධ විශාල පිරිසක් දේහය තැන්පත් කර තිබූ ඒ මහතාගේ නිවසට පැමිණ තිබිණි.

මුරලිදරන් මහතා හින්දු සම්මේලනයේ ලේකම් ධුරය දරමින් බෞද්ධ – හින්දු සමගිය ගොඩනැගීම වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කරමින් සිටි අතර, ඊළාම් බෙදුම්වාදයට, ත්‍රස්තවාදයට හා බෞද්ධ – හින්දු ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වන ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාවලට එරෙහිව නොබියව පෙනී සිටිමින් සැබෑ ලෙසම ජාතික සංහිදියාව යනු කුමක්දැයි ආදර්ශයෙන්ම රටට පෙන්වූ පුද්ගලයෙක් ලෙස ගෞරවයට පාත්‍ර වෙයි.

ජාතික සංහිදියාව පිළිබදව වැඩි වශයෙන් කතාබහ වන මෙවන් යුගයක, සැබෑ ලෙසම ජාතික සංහිදියාව වෙනුවෙන් නිර්ව්‍යාජව පෙනී සිටින්නවුන් සිය දහස් ගණනක් අවැසිව සිටියදී සිදුවූ මුරලිදරන් මහතාගේ හදිසි නික්මයෑම සහජීවනය අගයන ශ්‍රී ලාංකික හින්දු මෙන්ම බෞද්ධ සමාජයටද දැරිය නොහැකි පාඩුවක් වනු අැත.

hi 1h3h213934829_10209215076468070_6124914418557880326_nයාපනය විශ්ව විද්‍යාලයේ සිසු ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන්ගේ සුව දුක් විමසීම සදහා මුරලිදරන් මහතා රෝහලට ගිය අවස්ථාවක්.

Related posts

කොරෝනා වෛරස් නිරෝදායනයට මඩකලපුවේ වෙනම දූපතක් වෙන් කිරීමට යෝජනාවක් !

colombotoday

18 හැවිරිදි සිසුවකු පැදවූ වෑන් රථය පී.සී හප්පා නතර කර ගනී

Admin

අම්බලන්ගොඩ පි.ද එස් කුලරත්න විදුහල දින දෙකක් වැසේ

colombotoday

රඹුක්කන සිද්ධිය ගැන පරීක්ෂණයක් අත්‍යවශ්‍යයි – අමෙරිකානු තානාපතිනිය

colombotoday

විදුලි පුටුව ශ‍්‍රී ලංකා දේශපාලනයෙන් අතුගා දැම්මා

colombotoday

යොවුන් පාර්ලිමේන්තුවේ බලය ඇල්ලීමට මුස්ලිම් පල්ලිය කරන කුමන්ත්‍රණය !

colombotoday