Colombo Today Local News

දර්ගා නගරය උණුසුම්.. PHI ලා කඩයක දමා හිරකරයි.. බේරාගන්න STF බළඇණියක් කැදවයි

gdfgdfgdgdf

මදුරු මර්ධනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු සහ සහයකයෙක් වෙළද සැලක් තුළ හිර කිරීම නිසා ඊයේ සවස් වරුවේ අළුත්ගම දර්ගා නගරය තුළ උණුසුම් තත්ත්වයක් හට ගැණිනි.

මීට සතියකට පමණ පෙර පූර්ව දැනුම් දීමකින් පසුව ඊයේ සවස සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් දර්ගා නගරය තුළ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර, දර්ගා නගර පොලීසිය ඉදිරිපිටම පිහිටි වෙළදසැලක් ධූමායනයට ලක් කිරීමට ගිය අවස්ථාවේ එහි ආහාරපාන වලට හානි සිදුවෙනවා යැයි කියමින් වෙළදසැල් හිමියා විසින් සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ ඔහුගේ සහායකවරයා වෙළදසැල තුළ සිරගත කර ඇත.

දර්ගා පොලීසිය පැමිණ සිද්ධිය සමථයකට පත් කිරීමට උත්සහා කලත් වෙළදසැල් හිමියා ඇතුළු මුස්ලිම් පිරිස පාලනය කරගැනීමට නොහැකි වූ බැවින් වහාම අළුත්ගම පොලීසිය කැදවීමට කටයුතු කර ඇතත් ඔවුන්ටද තත්ත්වය පාලනය කරගත නොහැකි වී තිබේ.

එම ස්ථානයේ රැස්ව සිටි පිරිස පොලිස් නිලධාරීන්ටද පහරදීමට උත්සහා කළ බැවින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එහි කැදවා ඇති අතර එම නිලධාරීන්ටද පිරිස පාලනය කර ගැනීමට අපහසු වූ හෙයින් ඉහළට වාර්තා කිරීමෙන් අනතුරුව පොලිස් විශේෂ බළකා බළඇණියක් කැදවා අදාල සෞඛ්‍ය සේවකයන් දෙදෙනා බේරාගෙන තිබේ.

පොලිස් ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට, දර්ගාව සහ අවට ප්‍රදේශය වෙනම කළාපයක් ලෙස පාලනය කිරීමට අන්තවාදී පිරිස් කටයුතු කරමින් සිටින අතර බොහෝ අවස්ථාවලදී ඔවුන් පොලීසියටද අවනත නොවී අත්තනෝමතික ලෙස හැසිරීමට උත්සහා දරන බව පැවසේ.

Related posts

වියළි කාලගුණයෙන් වූ වගා හානි ගණනයට ගුවන් හමුදා ඩ්‍රෝන යානා යොදා ගනී

Admin

මහමැතිවරණයේ තැපැල් ඡන්ද විමසීමට දින නියම කරයි

colombotoday

මාස 4කදී මාර්ග අනතුරුවලින් 736කු මරුට

colombotoday

අනිද්දා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

Admin

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගං වතුර අවධානමක්

colombotoday

හිටපු ඇමති සාලින්ද දිසානායකගේ මරණින් පසු පාර්ලිමේන්තු යන්න පොරයක්. දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරි නීති ආදාර ඉල්ලයි

colombotoday