World

හිලරිගේ මැතිවරණ ව්‍යාපාරයට සෞදි රජයෙන් ඩොලර් බිලියන ගණනක් !

ඇමරිකානු ජනාධිපතිවරණය සදහා ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින හිලරි ක්ලින්ටන් මහත්මියගේ මැතිවරණ ව්‍යාපාරය සදහා සෞදි ආරබියානු රජයේ නියෝජිතයන් විසින් ඩොලර් බිලියන ගණනක් ලබා දී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඉස්ලාම් විරෝධි දැඩි මතධාරියෙකු වන ප්‍රතිවාදී අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය කරනවා දැකීම ඉස්ලාම් ලෝකයේද අපේක්ෂාව යි. සෞදි රජය හිලරිගේ මැතිවරණ ව්‍යාපාරය සදහා අත දිගහැර වියදම් කිරීමට හේතුව වී ඇත්තේද එය වන අතර අනාගතයේදී තමන්ට වාසිදායක ලෙස හිලරි ක්ලින්ටන් හරහා ඇමරිකානු හැසිරීමකළමනාකරණය කරගැනීමද ඔවුන්ගේ අරමුණ වී තිබේ.

ඉස්ලාමීය අන්තවාදය මුලිනුපුටා දැමිය යුතු බවත්, ඉස්ලාම් සංක්‍රමණිකයන් ඇමරිකාවට වද්දා නොගත යුතු බවටත් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මීට පෙර ප්‍රකාශ කර තිබුණු අතර, ඉස්ලාමය සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශ දැඩි ආන්දෝලනයකට ලක්වූහ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනපති ධුරයට පත්වුවහොත් අරාබි ලෝකයට එල්ල වන ඇමරිකානු බලපෑම වඩාත් තිව්‍රෘ වනු ඇති බවට අරාබි රටවල් බිය ඵලකරන අතර ඉස්ලාම් හිතවාදී ජාත්‍යන්තර මාධ්‍යද මේ වෙන විට හිලරි ක්ලින්ටන්ගේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම සදහා ප්‍රචාරක කටයුතු ආරම්භකර ඇත.

Related posts

ඇමරිකා එක්සත් ජනපදය තවදුරටත් ලෝක බලවතා නොවෙයි. – බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම්

colombotoday

පුටින් සහ රුසියාව ඔවුන්ගේ ආයුධ බිම තැබුවොත් සාමය ලැබෙනු ඇති – නේටෝ ප්‍රධානියා

Admin

Arrow, Flash නළුවාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

තම දියණිය ඝාතනය කර කොටස්වලට කපා ශීතකරණයේ දැමූ බ්‍රසීල මවක් අත්අඩංගුවට

Admin

තමිල්නාඩු මුල් පුටව ජයලලිතාගේ ළගම හිතවතියට !!

colombotoday

රසායනික ද්‍රව්‍ය රැගත් එන්.වී.සිම් කිංග්ස්ටන් බහාලුම් නෞකාවේ ගින්නක්

colombotoday