Colombo Today Local News

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන් සංස්කෘතියට ගහන යමර ගැහිල්ල ඕෂධී හෙළි කරයි !

umbaa 15121හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිරගත කර ඇත්තේ මැතිවරණ සමයේ ලිතක් මුද්‍රණය කර බෙදාහැරීමේ සිදුවීමකට බවත්, ලිත යනු මෙරට ඓතිහාසික සංස්කෘතියේ අංගයක් බවත්, එබැවින් මේ පහර දෙන්නේ බැසිල් රාජපක්ෂ මහතාට නොව මෙරට සංස්කෘතියට බවත් බුද්ධිමත් ජනතාව මෙය තේරුම් ගත යුතු බවත් ටෙලි නාට්‍ය නිළි ඕෂධි හේවාමද්දුම මහත්මිය පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඇය කියා සිටියේ මෙය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් බවයි. (වීඩියෝව උපුටා ගැනීමකි)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරගැනීම සහ ඊට එරෙහි කුමන්ත්‍රණ පිළිබදව හරබර දෙසුමක් පසුගිය දිනෙක විහාරස්ථානයක පැවති උත්සවයකදී කරන්නට යෙදුණු අතර එහිදී අදාළ ලිත් බෙදීමේ සිද්ධිය පිලිබදවද අදහස් දක්වන ලදි. ටෙලි නිළි ඕෂධී එම කතාව අහුලාගෙන ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ එම දේශනයෙනි.

ඇතැම් දේශපාලකයෝද, ඔවුන්ගේ වන්දිභට්ටයෝද තම දේශපාලන තක්කඩිකම් වසාගැනීමට ආගම, සංස්කෘතිය හා ජාතිය ආවරණයක් කර ගන්නා බවට ඇතැම්හු කියති.

Related posts

“බලය බෙදීමේ අවශ්‍යතාවක් නෑ.. බලය බෙදීමක් ඉල්ලන්නේ බෙදුම්වාදීන්” – අරූන් තම්බිමුත්තු

colombotoday

කසිප්පු මෙරටින් තුරන් කරන්න – ජනපති පොලිසියට දින දෙයි…

colombotoday

උගන්ඩාවේ ධනය ලඟදිම ගේනවා කොට්ටහච්චි ලෙන්චිනාට කියයි

Admin

වහාම එකතු වෙන්න ඉන්දියාවෙන් උතුරට පණිවිඩයක්

Admin

IMF කොන්දේසියක් මත සොරකම් කළ වත්කම් අය කරගන්න දූෂණය මැඩලීමේ පනතක්

Admin

තුර්කි විදේශ ඇමති දිවයිනට

colombotoday