Colombo Today Local News

පාගමන් ගිය මන්ත්‍රීලාට මොකද වෙන්නේ, ඉදිරියේදී බලා ගන්න පුළුවන් – ශ්‍රීලනිප මහලේකම්

duminda dissanayake

ඇතැම් මන්ත්‍රීවරුන්ට පා ගමන් යාමට ස්වාධීන අයිතිය ඇති අයුරින්ම පක්ෂයේ විනය කඩ කරන උදවියට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමේ ස්වාධීන අයිතියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇතැයි එහි මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

පා ගමන් යාමට අයිතියක් ඇතිමුත් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ පා ගමන තමන් අනුමත නොකරන බවත්, ඔවුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පැවැත්වීම පක්ෂයේ අභ්‍යන්තර කාරණාවක් බැවින් එහි තීන්දු තීරණ ඉදිරියේදී දැකගත හැකිවනු ඇති බවත් මහලේකම් වරයා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (1) මහනුවරදී පැවති උත්සව සභාවක් අමතමිනි.

මෙම පා ගමන තුළින් ආණ්ඩුව වෙනස් කිරීම හෝ වෙන යම් ක්‍රියාමාර්ගයක් ගත නොහැකි යැයි කී අමාත්‍යවරයා, පක්ෂ ක්‍රියාකාරීන් දින ගණනාවක් තිස්සේ ගමන් කර පා ගමන් ගිය ද ඔවුන්ට අවසානයේ ලබා ගත හැකි ඵලයක් නොමැති බවද දුමින්ද දිසානායක මහතා පැවසීය.

Related posts

ආයෝජනයට ලංකාවේ තත්ත්වය අධි අවදානම් – BloomBerg ලොව පුරා ආයෝජකයන්ට කියයි

colombotoday

තෙවන වාරයේ දෙවන අදියර හෙටින් අවසන්

Admin

හෙරොයින් සමග ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මදුශංක අත්අඩංගුවට

colombotoday

හරක් හොරු නවතන්න පොලිසියෙන් වෙඩි

Admin

හෙට සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

colombotoday

මාර්ගගත ක්‍රමය මඟින් විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවීම ජුනි මස 2වනදායින් අවසන්

colombotoday