Colombo Today Local News

සිංහල ජනතාව උතුරේ පදිංචි කරොත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙනවා.. ඒනිසා අපි විරුද්ධයි – විග්නේෂ්වරන්

vignhwjjk32උතුරු පළාත තුළ සිංහල හා මුස්ලිම් ජනතාව පදිංචි කරවීමට උතුරු පළාත් සභාව, දෙමළ ජාතික සන්ධානය හා දෙමළ ජනතාව විරෝධය පලකරන බව උතුරු පළාත් ප්‍රධාන ආමත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසයි.

ඔහු මේ බව පැවසුවේ දිවයිනේ සංචාරයට යෙදී සිටින කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩියොන් සමය ඊයේ (29) පැවති සාකච්ඡාවකදීය.

මෙලෙස සිංහල හා මුස්ලිම් ජනතාව උතුරේ පදිංචි කිරීමට තමන් විරෝධය පළකරන්නේ එම ජනතාව සම්බන්ධයෙන් ඇති වෛරයක් නිසා නොවන බවත්, දෙමළ නොවන ජනාවාස උතුරේ ඇතිකළහොත් ඒ හරහා අනවශ්‍ය ගැටළු නිර්මාණය වන බැවින් යැයිද විග්නේෂ්වරන් මහතා එහිදී පවසා ඇත.

දෙමළ ජාතික සන්ධානය විසින් උතුරු නැගෙනහිර දෙපළාත එක්කර ෆෙඩරල් පාලන ක්‍රමයක් ඉල්ලන්නේ ඒතුළින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට බවද උතුරු පළාත් මහ ඇමතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

යුද්ධයට පෙර විසිදහසක පමණ සිංහල ජනතාවක් යාපනය අර්ධද්වීපයේ පදිංචිව සිට ඇති අතර යුධ ගැටුම් නිමාවෙන් පසු සංවිධානාත්මක ලෙස එම ජනතාව නැවත පදිංචි කිරීම පිළිබදව රජය මේ දක්වා අවධානය යොමුකර නැත. යුධ අනාතයන් ලෙස ඇදිවත පමණක් අතැතිව උතුරෙන් පිටමං කළ එම ජනතාවගෙන් බහුතරයක් තවමත් වෙසෙන්නේ දකුණේ තම ඥාතීන් භාරයේය. එමෙන්ම සැළකිය යුතු ප්‍රමාණයක මුස්ලිම් ජනතාවද යාපනයෙන් එළවා දමන ලදි. යාපනයේ පදිංචි සිංහල සහ මුස්ලිම් ජනතාවට ඇදිවත පමණක් ඇතිව එක රැයින් පිටමං වන ලෙස ප්‍රභාකරන් නියෝග කර තිබිණි.

Related posts

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට අනතුරු අගවයි

colombotoday

70 වන නිදහස් දින සමරන්න ශ්‍රී ලංකාව නම් රටක් නැතිවෙයි !!

colombotoday

වැට් බදු වැඩිකළේ ටික කාලයකටයි.. පසුව තිබුණාටත් වඩා අඩු කරනවා

colombotoday

මහවිරු සමරපු අයව අත්අඩංගුවට ගන්න කැළුම්ට ඇප දෙමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්

Admin

යුද හමුදාව මුස්ලිම් සාමාජිකයන් සමග ‘ඉෆ්තාර්‘ සමරයි (Photo)

colombotoday

පිපිරුමක් සමග මීතොටමුල්ල කුණු කන්ද නාය ගිය අවස්ථාවේ වීඩියෝව මෙන්න (Video)

colombotoday