Colombo Today Local News

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමිවියයුතු තැන සහතික කරනු – අගරදගුරු මැල්කම් රංජිත්

radaguru

“ආගමට හිමි විය යුතු තැන අහිමි වී වැනසී යන සමයක බුද්ධාගමට හිමි විය යුතු තැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික විය යුතුයි. අනාගමික රාජ්‍ය සංකල්පය අප පිළිගන්නේ නැහැ. බුද්ධාගම ශ්‍රී ලංකාවේ වාතාශ්‍රයට මුසු වී තිබෙනවා. අප හුස්ම ගන්නා විටත් ඒබව දැනෙනවා.“ යැයි කොළඹ සම්බෝධි විහාරයේ උත්සවයක දී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

“ශ්‍රී ලංකාවේ ජීවය ලෙස සැලකෙන්නේ බුදුන් වහන්සේ වදාළ ධර්මයයි. එවැනි ජීවන ක්‍රමයකට හිමි විය යුතු ස්ථානය හා ගෞරවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් අහිමි නොකළ යුතු දෙයක් ලෙසයි මා දකින්නේ. මේ කාරණය කිසිසේත්ම නොසලකා සිටින්න අපිට බෑ. මක් නිසාද අප ජීවත් වන්නේ බෞද්ධ පරිසරයකින් පෝෂණය වූ රටක නිසා. එම නිසා ශ්‍රී ලංකාවේ ජීවත් වන ජනතාවගේ අධ්‍යාත්මික ගුණ වගාව වෙනුවෙන් මහා සංඝරත්නය සමග කටයුතු කිරීමට අප සූදානම්“

අසිගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ඥානරතන නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ කිහිප නමකට උපහාර පිදීමේ දී කාදිනල් තුමෝ මේ බව පැවසූහ.
“අපේ ජීවිත වලට යම් කිසි සිත් තැවුලක් හෝ වේදනාවක් ඇති වන හැම අවස්ථාවකම හිතේ සහනය ලබා ගැනීමට බුද්ධ ධර්මය ඉවහල් වන බව අපට විශ්වාසයි. මහා සංඝරත්නය කෙරෙහි අප තුළ තිබෙන්නේ බලවත් විශ්වාසයක්.“ යැයිද කාදිනල්තුමෝ කීහ.
අමරපුම මහා සංඝ සභාවේ දොඩම්පහල චන්ද්‍රසිරි, මල්වතු පාර්ශවයේ දිඹුල්කුඹුරේ විමලධම්ම, මල්වතු පාර්ශවයේ නියන්ගොඩ විජිතසිරි නාහිමියෝ ද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාද කතා කළහ.

Related posts

අයවැය ප්‍රකාශය : විදේශ ගමන් බලපත්‍ර – වීසා සහ අනෙකුත් ගාස්තු ඉහළට

Admin

නව ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සූදානම් !

colombotoday

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ ‌යෙදුණු මුස්ලිම් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

colombotoday

අටමස් බිලිදා ගසක් යට තබා සූදු කෙළි අම්මා

colombotoday

මේ වසර අවසානයට පෙර මත්තලත් චීනයට !

colombotoday

බෙල්ලන්විල පෙරහරට මාර්ග රැසක් වැසෙයි… විකල්ප මාර්ග භාවිත කරන

Admin