Colombo Today Local News

ඇමරිකානු නාවික බළඇණියක් දැන් ලංකාවේ.. කළාපීය සමුද්‍ර ආරක්ෂාවට අපි මැදිහත්වෙනවා – ඇමරිකාව

navy usශ්‍රී ලංකාවේ පිහිටීම අනුව කළාපයේ මුහුදු සීමාවන්හී ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සදහා මෙරට දායකත්වය අතිශයින් වැදගත් බව ඇමරිකානු තානාපති අතුල් කේශාප් මහතා පවසයි.

ඇමරිකාවේ නිව් ඔරිලන්ස් හි 13 වෙනි නාවුක කාර්ය සාධක බළකා ඒකකය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම නිමිත්තේන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ.

කළාපයේ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්ව කටයුතු කිරීමට ඇමරිකාව සැලසුම්කර ඇති බවද ඇමරිකානු තානාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

නිව් ඔරිලන්ස් හි 13වෙනි නාවුක කාර්ය සාධක බළකා ඒකකයට අයත් නෞකාව ඊයේ (24) දින මෙරටට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට මෙම ඒකකය සැලසුම් කර ඇත.

Related posts

“අද අපට උදව් කරන්න.. හෙට අපි රටටම බත් දෙන්නම්” බෝගස්වැව ගොවි, රණවිරු මව්වරුන්ගේ ආයාචනය

colombotoday

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසුම අද

colombotoday

බැඳුම්කර වාර්තාව ජනාධිපති අතට

colombotoday

අධික වැසි සමග ගංගා දෙකක ජල මට්ටම අවදානම් වෙයි

Admin

රන්ජන් අධිකරණයෙන් සමාව අයැදී

colombotoday

පුංචි ඡන්දය මාර්තු 10ට පෙර – මැතිවරණ කොමිසම කියයි

Admin