Colombo Today Local News

ජනපති හා ඒකාබද්ධ විපක්ෂය අතර හදිසි හමුවක් !

mithrepala 23

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැළසුම් කර ඇත.

ඒ අනුව හෙට(25) දිනයේ ජනාධිපති නිල නිවසේ දී අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වෙත ආරාධනා කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම සාකච්ඡාව සඳහා වන ආරාධනය සිදු කර තිබේ.

මෙම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහින්දානන්ද අලුත්ගමගේ සහ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු යන මන්තී‍්‍රවරුන්ටද ආරාධනා ලැබී ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාට හා ඒකාබද්ධ විපක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරුන් රැසකට මෙම සාකච්ඡාව සඳහා මෙතෙක් ආරාධනා ලැබී නොමැති බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Related posts

හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

colombotoday

සහල් නැවකට සල්ලි බදී

Admin

හිස්බුල්ලා කාත්තන්කුඩියේ වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවන තැතක…

colombotoday

ලොකු ලූනු කිලෝවකට රු.100ක සහතික මිලක්

colombotoday

කොළඹ වරායේ දේපළවලට හානි කිරීමේ නඩුවෙන් රවි ඇතුළු හයක් නිදහස්

colombotoday

එස්.බී. නාවින්න සජිත්ගේ සහයට එක්වෙයි !

colombotoday