Colombo Today Local News

පහරදීමෙන් පසු සිංහල සිසුන් ආපසු නොයයි.. යාපනය සරසවියේ විභාග, දේශන අඩාලයි !

jfu2යාපනය විශ්ව විද්‍යාලයේ පසුගිය දා ඇතිවූ සිද්ධියෙන් අනතුරුව විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක් මේවන විට ආරම්භ වී ඇතත් ප්‍රමාණවත් සිංහල ශිෂ්‍යයන් පිරිසක් මෙතෙක් අධ්‍යයන කටයුතු සදහා විශ්වවිද්‍යාලය පැමිණ නොමැති හෙයින් විභාග හා දේශන කටයුතු සිදුකරගෙන යාමට නොහැති තත්ත්වයක් උද්ගතව ඇතැයි උපකුලපති මහාචාර්ය වසන්ති අර්සරත්නම් මහත්මිය පවසයි.

දැනුම් දිය හැකි සෑම අයුරකින්ම සිංහල සිසුන්ට විශ්වවිද්‍යාලයට පැමිණෙන ලෙස දන්වා ඇතත් මේ දක්වාත් සැලකිය යුතු සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලයට පැමිණ නැත.

මේ වන විට විශ්වවිද්‍යාලය තුළ ආරක්ෂාව තහවුරු කර ඇති බවට පාලනාධිකාරිය පවසා ඇති බව සදහන් කරන උපකුලපතිනිය පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාලය තුළ සිංහල සිසුන්ට කිසිදු ගැටළුවක් නොමැති බවයි.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 17 දෙනෙකුගේ පංති තහනම් කර තිබේ. විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියක් මුල්කරගනිමින් මෙම පංති තහනම සිදු කර ඇති බව එහි ප්‍රධාන විනය ආරක්ෂක නිළධාරීවරයා සදහන් කළේය.

මූලාශ්‍රය – අද දෙරණ

Related posts

සීනි ආනයන බද්ද ශත 25 දක්වා අඩු කරයි

colombotoday

බදුන්ලෙන් ඕෂධීට නාමයෝජනා… ප්‍රබල චරිත කිහිපයක් කැපෙයි !

colombotoday

කරුණාට ඇප.. රට ගමන් තහනම් !

colombotoday

ජූලි 6 එන්න තිබූ පොහොර නැවත් දවස් 2 ක් ප්‍රමාදයි

colombotoday

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දමන්න තීරණය කරයි

colombotoday

ජාතියට අහිමිවූ බෙල්ලන්විල නාහිමියන් ගැන ඔබ නොදත් කතාව

colombotoday