Colombo Today Local News

ETCA හොදයි.. සුපිරියි.. කියන ප්‍රචාරක මෙහෙයුම සජිත්ට භාරදෙයි !

etca sajith

ඉන්දු – ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා (ETCA) ගිවිසුම මේ වසර අගදී අත්සන් කිරීමට අගමැතිවරයා තීරණය කර ඇති අතර එම ගිවිසුම සම්බන්ධයෙන් සුබවාදී මතවාදයක් රටතුළ ගොඩ නැගීම සදහා වන ප්‍රචාරක මෙහෙයමු නිවාස සංවර්ධන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට භාර දී තිබේ.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා දැනටමත් වැඩ ආරම්භ කර ඇති අතර තමන් සහභාගී වන සෑම ජනහමුවකදීම එට්කා ගිවිසුම සම්බන්ධයෙන් අතිශොක්තියෙන් වර්ණනා කරමින් අදහස් දක්වමින් සිටී.

උදාගම්මාන වැඩපිළිවෙළ යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටුවනු ලබන 42 වන ගම්මානය වන් රන්මිණිතැන්න ශ්‍රී නරේන්ද්‍ර මෝඩි ගම්මානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් පැවති ජනහමුව ඇමතූ ඇමතිවරයා මේ වන විට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවලට ඇත්තේ මෙරට ජනගහනයට සීමා වූ ලක්ෂ 200ක පමණ සීමිත වෙළෙඳපොළක් පමණක් බවත්, එට්කා ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව මෙරට කාර්මාන්ත ශාලාවල නිපදවන භාණ්ඩ බාධාවකින් තොරව ලක්ෂ 13,000ක වෙළෙඳපොළක් වෙත යොමු කළ හැකි බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආර්ථික සබඳතා ශක්තිමත් වනවා දැකීමට අකමැති කුහක පිරිස් මෙම ගිවිසුමෙන් මෙරටේ ස්වෛරීභාය හා ස්වාධීනත්වය නැති වන බව ප්‍රකාශ කළ ද එවැන්නක් සිදු නොවන බවත් තමන්ට පැවරුණු රාජකාරිය අකුරටම ඉටුකරමින් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

Related posts

“බදියුදීන් ගැන රහස් පොලිසියේ වාර්තාව අනුව පාර්ලිමේන්තුවත් ක්‍රියා කළ යුතුයි” අගමැති

colombotoday

මගී ගුවන් යානා සඳහා ලංකාවට ඇතුල්වීමේ තහනම දිගටම

colombotoday

බැඳුම්කර වංචාවට වගකිව යුත්තේ රවී පමණද? රනිල්, මලික්, කබීර් ට චෝදනා නැද්ද ?

colombotoday

ජනපති බංග්ලාදේශයේ.. ගිවිසුම් රැසක් අත්සන් තැබේ !

colombotoday

නව ව්‍යවස්ථාවට යෝජනාවක් : 55 පැන්නොත් ජනාධිපතිකමට ඉල්ලන්න බැහැ

colombotoday

පාස්කු ප්‍රහාරය හා ජාතික ආරක්ෂාව පිළිබඳ විවාදයේ දෙවැනි දිනය අද…

Admin