Colombo Today Local News

ආරක්ෂාව ගැන සැකයිනම් යාපනේ යන්න එපා.. උතුරු ආණ්ඩුකාරවරයා සිසුන්ගෙන් ඉල්ලයි

rejinold kure 4112

යාපනය විශ්වවිද්‍යාලය තුළ තමන්ට ආරක්‍ෂාවක්‌ නොමැති බව වැටහෙන්නේ නම් එහි නොගොස්‌ සිටින ලෙස උතුරු පළාත් ආණ්‌aඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් තමා දන්නා පරිදි විශ්වවිද්‍යාලය තුළ ආරක්‍ෂාව තහවුරු කර ඇතැයි ද හෙතෙම ඊයේ (20 දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.සිංහල සිසුන් යාපනය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂාව තහවුරු කරන තුරු එහි නොයන බවට පැවසීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආණ්‌ඩුකාරවරයා එසේ පැවැසීය.

බත්තරමුල්ලේ පිහිsටි උතුරු පළාතේ ආණ්‌ඩුකාර කාර්යාලයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ හෙතෙම මේ ගැටුම සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කරලයි තියෙන්නේ. ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වයේ අය ඉදිරියේදී පොලිසිය අත්අඩංගුවට ගනීවි. ඒ අය අත්අඩංගුවට ගන්න එක පොලිසියේ රාජකාරිය. කව්රු කොහොම කිව්වත් දැන් කිසි ප්‍රශ්නයක්‌ නැහැ.

-දිවයින

Related posts

පාඩු පිට පාඩු ලබන තෙල් සංස්ථාවෙන් ඇමති දෙපළට කෝටි 6ක වාහන 2ක්

colombotoday

අනුරාධපුර ඉවන්ජලිකල් යාච්ඤා මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්

colombotoday

වෙන්නප්පුව ප්‍රදේශයේදී STF මෙහෙයුමකින් කඩු ඇතුළු තියුණු ආයුධ සමග සැකකරුවෙක් අල්ලයි

colombotoday

කැෆේ කිර්තිට මැකෝගෙන් ටොක්කක්

colombotoday

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තනතුරට..!

colombotoday

ජීවිත තුනකට ජීවය දී හදවත, වකුගඩු පූජාකර මෙලොවින් සමුගත් ප්‍රදීප්ගේ කතාව !

colombotoday