Colombo Today Local News

ඇමති ජෝන් ජනපති අණට උඩින් යයි.. මන්නාරම නොසන්සුන් !

john amaratungaමන්නාරම තිරුකේතීස්වරම් මාන්තයි ප්‍රදේශයේ තිරුකේතීස්වරම් හින්දු කෝවිලට අයත් ඉඩමක් අසල කිතුණු පල්ලියක් විසින් අත්පත් කරගැනීමේ සිදුවීමක් හේතුවෙන් මේ වන විට එහි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.

රාජයප්පු ජෝශප් මන්නාරම රදගුරුවරයාගේ අනුදැනුම මත ලුර්තු මෑණියන්ගේ පල්ලිය විසින් තිරුකේතීස්වරම් කෝවිලට අයත් ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති අතර අදාළ ඉඩමට ඔප්පුවක් ලබා දෙන ලෙස ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් ඉඩම් කොමසාරිස්වරයාට නියෝගකර තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් හින්දු සම්මේලනය ජනාධිපතිවරයා හමුවී පැමිණිළි කිරීමෙන් අනතුරුව ජෝන් අමරතුංග ඇමතිවරයා කැදවා ඇති ජනාධිපතිවරයා අදාළ ඉඩම නැවත කෝවිලට භාරදෙන ලෙස දන්වා තිබෙනවා.

එසේ තිබියදී ජනාධිපතිවරයාගේ අණ නොතකමින් ජෝන් අමරතුංග අමාත්‍යවරයා විසින් එම ඉඩමට අදාළව ඔප්පුව සැකසිම සදහා මිනින්දෝරු නිළධාරීන් අද එහි යවාඇති අතර නොසන්සුන්තාවය හටගෙන තිබෙන්නේ ඒ හේතුවෙනි.

මේවන විට හින්දු භක්තිකයන් විශාල පිරිසක් එම ස්ථානයේ රැස්ව සිටින අතර දෙපිරිස අතර ගැටුමක් ඇතිවීමට ඉඩ ඇති බවද එහි අරංචිමාර්ග සදහන් කරයි.

Related posts

ඇමැතිවරුන්ට ගුවන් යානාදීම නවතයි

colombotoday

පාඨලී අත්අඩංගුවට ගැනීමේදී ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරලා – කතානායකගෙන් නිවේදනයක්

colombotoday

පැය 24ට ගුවන් මගීන් 2068ක් දිවයිනට

colombotoday

තේවානම්පියතීසන් ගැන තියෙන්නේ මොන පොතේද? ආචාර්ය එල්ලාවල නාහිමියන්ගෙන් විග්නේශ්වරන්ට අභියෝගයක්…

colombotoday

රනිල් අන්තිමට ජවිපේ දේශපාලනයත් අවසන් කලා

Admin

දඩ නොගසා අල්ලසක් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදී

Admin