Colombo Today Local News

අර්ජුන් මහේන්ද්‍රන්ට ලොකු තනතුරක්.. පස් අවුරුදු සංවර්ධන ව්‍යාපෘතියේ මුල් පුටුව දෙයි !

Arjun mahendran 256එක්සත් ජාතික පක්ෂය පසුගිය මැතිවරණයේදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉදිරිපත් කළ ප්‍රමුඛතම වැඩපිළිවෙල ඇතුළත් පස් අවුරුදු සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධානියා වශයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා පත් කිරීමට රජය තීරණය කර ඇත.

වසර 4ක් ඇතුළත රැකියා දස ලක්ෂයක් බිහි කිරීම, එට්කා ඇතුළු විදෙස් රටවල් සමග ඇතිකරගන්න වෙළද ගිවිසුම් ඇතුළු යහපාලන රජයේ සියළු සංවර්ධන ව්‍යාපෘති මෙම පස් අවුරුදු සැළැස්මට ඇතුළත් වී ඇත.

ශ්‍රී ලංකා මහබැංකුවේ බැදුම්කර නිකුත් කිරීමේදී ඇතිවූ මහා පරිමාණ දූෂණය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරන තුරු යළි මහබැංකු අධිපති ධුරය හො වෙනත් තනතුරු භාර නොගන්නා බවට අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

අගමැතිවරයා සමග සිංගප්පූරු චාරිකාවටද එකතු වූ මහෙන්ද්‍රන් මහතා පෙරළා අද අළුයම දිවයිනට පැමිණ ඇත.

Related posts

මංගලගේ ලේකම් රුවන්, රවී ගිය මඟ යමින් ඉල්ලා අස් වේ !

colombotoday

ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනයට අනුමැතිය

Admin

දිවයින පුරා හදිසි තත්ත්වය බලාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදට එරෙහි ක්‍රියාවක් – සජිත්

colombotoday

ෆිච් රේටින් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගතකිරීම් වලින් පහළට ඇද දමයි…

colombotoday

තෙල් බවුසරයක් කරනම් ගහයි

colombotoday

සංජීවනී වීරසිංහට ලොස් ඇන්ජලිස් නුවරදී ජනතා විරෝධයක්

colombotoday