තහනම් කරන ලද ප්‍රොපනිල් වල් නාශකය වෙනත් වල් නාශක හා මිශ්‍රකර නැවතත් වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි වකුගඩු රෝග පර්යේෂක රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ අංශාධිපති ආචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
මෙම විෂ රසායනිකය අඩංගු වල් නාශකය වසර 2015 දෙසැම්බර් මස තහනම් කිරීමට රජය කටයුතු කර තිබියදී එම තහනම හෝ නොතකා එම විෂ රසායනිකය නැවතත් වෙළෙඳපොළට නිකුත් කිරීමට එක්තරා සමාගමක් කටයුතු කර ඇතැයි ආචාර්යවරයා පැවැසීය.
මෙම විෂ රසායනිකය මිශ්‍ර කර සාදන ලද අනෙකුත් වල් නාශකයන් මෙරටට ගෙන ඒම සඳහා පළිබෝධ නාශක රෙජිස්ටාර්වරයා අවසර ලබා දී ඇති බවද කරන ලද සොයා බැලීම්වලදී අනාවරණය වූ බව ආචාර්යවරයා පැවැසීය.