Colombo Today Local News

රජිව් ගාන්ධි ඝාතකයා ලංකාවට එවිමේ සූදානමක් !

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ඝාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිර දඩුවම් විදින ශාන්තන් නැමැති එල් ටී ටී ඊ සාමාජිකයා ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයක් වෙත යොමු කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.

පී ටී අයි පුවත් සේවය මේ බව වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ක්‍රියාත්මක සිරකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුම යටතේ ඔහු ශ්‍රී ලංකාවට යොමුකිරීමට නියමිත බව එහි දැක්වේ.

මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයක් වෙත යොමු කෙරෙන පළමු තැනැත්තා බවටද ශාන්තන් නැමැති මෙම එල් ටී ටී ඊ සාමාජිකයා පත්වීමට නියමිත බව පැවසේ.

එම පුවත් සේවය වාර්තා කර ඇත්තේ අදාළ ලේඛන සදහා අත්සන් තබන්නේද යන්න පිළිබදව ශාන්තන් සලකා බලමින් සිටින බවයි.

වසර 1991 මැයි 19 වැනිදා තමිල්නාඩුවේදී එල් ටී ටී ඊ බෝම්බ ප්‍රහාරයකින් හිටපු ඉන්දීය අගමැති රජිව් ඝාන්ධි මහතා ඝාතනයට ලක්විය.

ඒ සම්බන්ධයෙන් වරදකරුවන් වූ ශාන්තන් හා නාලනී ඇතුළු එල් ටී ටී ඊ සාමාජිකයින් පිරිසක් මේ වන විට ඉන්දියාවේ සිර දඩුවම් විදිමින් සිටිති.

Related posts

බස් රථයක් පෙරළී 12කට තුවාල

colombotoday

සියලු විහාරස්ථානවල රතන සූත‍්‍රය සජ්ඣායනා කරන්නැයි අගමැති ඉල්ලයි

colombotoday

නිරෝධායන කටයුතු මග හැර සිටි 23ක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

OIC මාරු වීම් වලට උරණ වූ ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන්ගෙන් පොලිස් ඇමතිට බලපෑම්

Admin

පාසල් දැරිය කෙළෙසා නිරුවත් වීඩියෝ විදුහල්පතිට යවලා

Admin

අතුරුදන්වූ දරුවකු හොයන්න ඇමති තෙවරප්පෙරුම කට්ටඩියෙක් රැගෙන එයි

colombotoday