Colombo Today Local News

සිංගප්පූරුව සමග වෙළද ගිවිසුමක්.. අත්සන් කරන්න අර්ජුන් සමග අගමැති යයි !

rannil arjun

සිංගප්පූරුව සමඟ වන වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සමඟ මෙම මස 18 හා 19 දෙදින තුළ සිංගප්පූරුවේ සංචාරයක යෙදීමට නියමිතය.

මෙම සංචාරය සඳහා අර්ජුන් මහේන්ද්‍රන් මහතා සහභාගි වන්නේ අගමැතිවරයා විසින් හඳුන්වා දීමට නියමිත නව තනතුරක් වන ජාත්‍යන්තර ආයෝජන සම්බන්ධ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසය.

කෙසේ නමුත් මහේන්ද්‍රන් මහතාට මෙම තනතුර ලැබෙන්නෙ ඉදිරි සතියේ දී පාර්ලිමේන්තු කෝප් කමිටුව විසින් බැඳුම්කර සම්බන්ධ චෝදනාවෙන් ඔහුට ලබාදෙන තීරණයෙන් පසුව බව පැවසේ.

කෝප් කමිටුව විසින් මහේන්ද්‍රන් මහතාව නිදොස් කරනු ඇති බව අගමැතිවරයාගේ අදහස වී ඇත.

බැඳුම්කර නිකුතුව පෞද්ගලික අංශයට යොමු කරනුයේ අගමැතිවරයා දුන් උපදෙස් මත බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ප්‍රකාශ කළ බව මහ බැංකු නිලධාරීන් පාර්ලිමේන්තු ‍පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවේ පෙරේදා (07) ප්‍රකාශ කර ඇත.

Related posts

එක්ටා සහ අගමැති රනිල් හරහා එලියට එන්නේ ඉන්දියාවේ දේශපාලන උවමනාවයි! – ජවිපෙ

colombotoday

කෙසෙල්වත්තේ ඝාතනයක්

Admin

ආරක්ෂක ලේකම් ධුරයේ වෙනසක්?

colombotoday

විනෝද චාරිකාවක් යන්න ගිය තරුණයෝ දෙකක් දුම්රියේ ගැටී අවසන් ගමන් යයි

Admin

ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

colombotoday

ඉහළ කාර්යසාධනයක් පෙන්නූ රාජ්‍ය ආයතන 65කට සම්මාන

Admin