Colombo Today Local News

‘බ්‍රිතාන්‍ය යුරෝපයෙන් ඉවත්වීමෙන් අපේ ආර්ථිකයට විශාල බලපෑමක් නෑ’ – මහබැංකු අධිපති

indrajith coomaraswamy

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට යම් යම් බලපෑම් සිදුවිය හැකි නමුත් ඒවා විශාල මට්‌ටමේ අහිතකර බලපෑම් නොවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා පවසයි.

විශේෂයෙන් සංචාරක කර්මාන්තයට සහ අපගේ අපනයන වෙළදාමට යම් බලපෑමක්‌ සිදුවිය හැකි නමුත් ඒවා අපට පමණක්‌ ඇතිවන බලපෑම් නොවෙයි. ඒ නිසා එම තත්ත්වයන්ට ශ්‍රී ලංකාවට පහසුවෙන් මුහුණදීමට හැකිවනු ඇතැයිද මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කීවේය.

මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම ශ්‍රී ලංකා ආර්ථිකයට කවර බලපෑමක්‌ කරනු ඇතිද යන්න ගැන දිවයින් පුවත්පත කළ විමසුමකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ පවසා ඇත.

මීට වෙනස් මතයක් දරමින් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මීට පෙර ‍ප්‍රකාශ කර තිබුණේ යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් බවත්, එමනිසා හැකි ඉක්මනින් ඉන්දියාව සමග වෙළද ගිවිසුම් අත්සන් කිරීමට කඩිනම් කිරීමට සිදුව ඇති බවත්ය. අගමැතිවරයාද එම ප්‍රකාශය තහවුරු කරමින් ඉන්දියාව සමග ‘එට්කා’ ගිවිසුම එළඹී පිළිබද සාකච්ඡා කඩිනම් කිරීම සදහා රජයේ නියෝජිත පිරිසක් ඉන්දියාවට යැවීමට කටයුතු කර තිබිණි.

Related posts

මව පියා සහ පොඩි පුතු එක්ව ‘වැඩිමහල් පුතුගේ’ අත්දෙක කපා හිස කඳින් වෙන්කරයි.

colombotoday

කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කරයි

Admin

කොළඹ වරාය නගරයෙන් රටට අයිති විය යුතුව තිබූ ඉඩම් විශාල ප්‍රමාණයක් අහිමි වෙලා- අගමැති

colombotoday

“සීමා නීර්ණයට තව කලක් යයි.. පුංචි ඡන්දය දැන්ම බැරිවෙයි“- ඇමති ලක්ෂ්මන් යාපා

colombotoday

ආර්ථිකය නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති මොහොතක සැමරීමට ඇති අභිමානවත් නිදහස කුමක් ද? – කතෝලික සභාව

Admin

ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ ජනපති මෛත්‍රීට විරෝධය පා කලු කොඩි ඔසවයි

colombotoday