ඊයේ (1දා) පස්වරුවේ පැවති රාජ්‍ය නාට්‍ය උළෙලේදී නාට්‍යකරුවෝ වේදිකාව මතට පැමිණි විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් වත්මන් රජයෙන් තමන්ට කෙණෙහිළිකම් සිදුවන බව පවසමින් විරෝධතාවයේ නියැළුනහ.
නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති චන්ද්‍රගුප්ත තේනුවර මහතා උත්ව සභාව අමතමින් ප්‍රකාශ කළේ රජයෙන් ප්‍රතිපාදන වෙන්කර නොමැති නිසා පෙබරවාරි මාසයේදී පැවැත්වීමට තිබූ රාජ්‍ය නාට්‍ය උළෙල මාස ගණනාවක් පමාවී පැවැත්වීමට සිදුවූ බවයි.
සවස 4ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය නාට්‍ය උළෙට ඔහු සහභාගිවුයේ නැත.