Colombo Today Local News

ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්.. රෝගීන් 20,000 ඉක්මවයි – මරණ 31යි

මෙම වසරේ ඩෙංගු රෝගීන් 20,000 ඉක්මව වන අතර මරණ 31 ක් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ගංවතුරෙන් යට වූ ප‍්‍රදේශවල විශේෂ ශ‍්‍රමදාන ඊයේ(27) සිට ක‍්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට නියෝග කර තිබේ.

ඒ අනුව දිවයින පුරා ඩෙංගු වසංගත තත්ත්වයක් වාර්තා වීමත් සමඟ ත‍්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අද සිට අඛණ්ඩව ගෙයින්ගෙට ගොස් පරිශ‍්‍ර පිරිසිදු කිරීමේ ශ‍්‍රමදාන ඇතුළත් වැඩසටහනක් ක‍්‍රියාත්මක කෙරේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙරේදා(26) කොළඹ අයි.ඩි.එච් උණ රෝහල සහ මහරගම රෝහල නිරීක්ෂණය කළේය. ඩෙංගු රෝගයට ලක් වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ප‍්‍රතිකාර ලබන්නේ අයි.ඩි.එච් උණ රෝහලේය.

විශේෂයෙන්ම ගංවතුර හේතුවෙන් ආපදාවට පත්වු කොළොන්නාව, කඩුවෙල, ගම්පහ ප‍්‍රදේශවල තවමත් කසල ද්‍රව්‍ය තිබීම හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම වැඩිවී තිබෙන බව සෞඛ්‍ය අංශ අවධාරණය කර ගෙන ඇත. එමෙන්ම දිවයින පුරා රෝහල් ආශ‍්‍රීතව ඇති ධූමායන යන්ත‍්‍ර කොළඹට ගෙන්වා ධූමායන කටයුතු සිදු කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබේ.

එමෙන්ම මෙම මස 30 සිට ජුලි 02 දක්වා ති‍්‍රවිධ හමුදාව හා පොලිසියේ ද සහභාගීත්වයෙන් යළිත් තෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

Related posts

මහගම සේකරයන්ගේ 90වන ජන්ම දිනය අද… ඒ වෙනුවෙන් තැබෙන සටහනකි

colombotoday

එජා සංවිධානය ත්‍රීමලේ නාවික කදවුරට කඩාපැන එහි වධකාගාර තිබූ බව ප්‍රකාශ කරයි

colombotoday

පොලිස් ඇමැති ප්‍රසන්නගේ නිවාස වටලයි

colombotoday

Video: වෙනසට එහාගිය රැඩිකල් වෙනසක් ඉල්ලන රවී කරුණානායක

colombotoday

අගමැති කියා ඇත්තේ අමු බොරු… මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි වාර්තාවේ කොතනකවත් නෑ

colombotoday

රත්නපුර,ඇල්ල ප්‍රදේශයේ නාය යෑමකින් තිදෙනෙක් අතුරුදන්

colombotoday