Colombo Today Local News

විගණකාධිපති ස්වාධීනයි.. ඔහුට බලපෑම් කිරීමට මුදල් ඇමතිට අයිතියක් නෑ

viganakadipathi

පාර්ලිමේන්තුවේ අනුමත කරන ලද ප්‍රමාණයට වඩා රජය පසුගිය වසරේ ණය ලබාගෙන ඇති බවට තමන් විසින් නිකුත් කළ වාර්තාවේ සත්‍යතාව මුදල් ඇමති රවී කරුණානායක මහතාටද පෙන්වා දුන් බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.

ඊයේ දිනයේදී මුදල් ඇමතිවරයා විසින් කරන ලද කැදවීමකට අනුව එහි ගොස් සාකච්ඡා කර පිටව යන අතර මාධ්‍යවේදීන් අමතමින් විගණකාධිපතිවරයා මේ බව කියා සිටියේය.

විගණාකාධිපතිවරයා ස්වාධීන පුද්ගලයෙකු බවත්, ඔහුව පාර්ලිමේන්තුවට ගෙන ප්‍රශ්න කිරීම පිළිගත නොහැකි බවත්, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව පවසයි. මුදල් අමාත්‍යංශයේ 2015 වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුව සභාගත කිරීමෙන් අනතුරුව එහි ඇතුළත් විගණකාධිපතිගේ වාර්තාවේ රාජ්‍ය ණය පිළිබඳව දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් මතුවූ ආන්දෝලනාත්මක තත්ත්වය ගැන පැහැදිලි කිරීමට එම එකමුතුව කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කෙරිණ.

ඒ අනූව රජයේ මුදල් අවභාවිතය වැළැක්වීම සඳහා විගණන පනතක් අවශ්‍ය වී තිබියදී තවමත් පනතක් නොතිබීම නිසා ඉන් අගතියට පත්වන්නේ මෙරට ජනතාව බව එම එකමුතුව අවධාරණය කරන ලදී. දේශපාලනඥයින් සිය වාසිය තකා එම පනත සම්මත නොකරන බවත්, මේ හේතුවෙන් වංචා දූෂණ වැළැක්වීමට ඇති හැකියාව අවම වී ඇති බවත්, එම එකමුතුවේ නිලධාරීන් පෙන්වාදෙන ලදී.

තවද අගවිනිසුරුට පසුව සිටින්නේ විගණකාධිපතිවරයා බවත්, ඔහු වැනි ස්වාධීන පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට ගෙනැවිත් ප්‍රශ්න කිරීමට බලයක් ඇමතිවරුන්ට නැති බවත් එහිදී ප්‍රකාශ විණ.

ණය ගැනීමේදී විගණකාධිපතිවරයා සීමා නොපවන බවත්, එහෙත් සීමාව ඉක්මවා යම් යම් ආකාරයෙන් සිදුවන ණය ගැනීම් ගැන ඔහුට අදාළ අංශ දැනුවත් කළ හැකි ආකාරයටම කිසිදු ගණනක් සඳහන් නොකර සිටීමෙන් වැළකිය නොහැකි බවද එම එකමුතුව සඳහන් කරන ලදී.

 

Related posts

වන විනාශය සිදුකරන රටවල් අතරින් ශ්‍රී ලංකාව ලෝකයේ හතරවැනි ස්ථානයට

colombotoday

කොළඹට මහා ජන ගගක්… ආණ්ඩුව ගෙදර යන තුරු නොනවතින අරගළය ඇරඹෙයි..

colombotoday

පොලිස්පතිවරයාට අධිකරණය හමුවේ පෙනිසිටීමට නියෝග

Admin

ගම්පහ සියළු පොලිස් බල ප‍්‍රදේශවලට ඇදිරි නීතිය පනවයි. මීගමුව ප්‍රදේශයේ ජා -ඇළ හා කඳානටත් ඇඳිරිනීතිය

colombotoday

ඉන්දියන් සාගරයේ ගැඹුරු මුහුදේ ප්‍රබල භූ කම්පනයක්

Admin

“අපි දුන් උපදෙස් පිළිපැද්දා නම් මෙතරම් හානියක් නෑ“ – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

colombotoday