World

ඇමරිකානු යුද කඳවුර ඉවත්කර ගනු.. අපේ රටින් යනු.. ජපන් වැසියෝ විරෝධයේ

ජපානයේ ඔකිනාවා දූපතෙහි ඉදිකෙරෙන ඇමෙරිකානු යුද කඳවුර සම්බන්ධයෙන් එම දූපතේ වෙසෙන දහස් ගණන් ජපන් ජනතාව ඇමෙරිකාවට එරෙහිව පසුගියදා විරෝධතා රැලියක් පවත්වමින් සිය විරෝ‍ධය පළකර තිබේ.

මෙම විරෝධතාව ආරම්භ කිරීමට හේතු වී ඇත්තේ ඇමෙරිකානු යුද කඳවුර ඉදිකිරීමේ නිරත වන ඇමෙරිකානු නාවික වෘත්තිකයකු 20 හැවිරිදි ජපන් ජාතික රීනා ෂිමාබුකුරො නැමති තරුණිය දූෂණය කර මරා දැමීමත් සමගය.

රැලිය ආරම්භයේදී දූෂණය කර මරා දැමුණු තරුණිය වෙනුවෙන් විනාඩි කිහිපයක නිශ්ෂබ්දතාවයක් පවත්වා ඇති අතර පසුව ඇයගේ පියා විසින් එවන ලද ප්‍රකාශක් රැලිය ආරම්භයේදීම ප්‍රකාශයට පත් කර තිබේ. තරුණිය ඝාතනය ගැන ප්‍රශ්න කරමින් එම ප්‍රකාශයේ සඳහන් කොට ඇත්තේ මෙතෙක් මේ ආකාරයේ ඉරණමට ලක්වූ සෑම පවුලකම සාමාජිකයන් ලැබූ කටුක අත්දැකීම තමන්ද එලෙසම ලැබූ බවත් ඔවුන්ගේ හැගීම හා තම හැගීම්ද සමාන වන බවය.

අපගේ ඉවසීමේ සීමාව ඉක්මවා යමින් ඇත. ඇමෙරිකානු නාවිකයන් ඉවත් කර ගනු ලෙස සඳහන් සටන් පාඨ සහිත විරෝධතා පුවර රැගෙන දහස් ගණන් ජනතාව විරෝධතාවයේ නිරත වෙමින් අවධාරණය කර ඇත්තේ සිය දූපතේ ඉදිකෙරෙමින් පවතින ඇමෙරිකානු යුද කඳවුර ඉවත් කරගෙන යෑමට කටයුතු කරන ලෙසටය.

Related posts

සුපිරි නළු විජයකාන්ත් කොරෝනා ආසාදනය වී මරුට

Admin

“No Pants Subway Ride” දිනය වෙනුවෙන් අඩ නිරුවතින් දුම්රියෙන් ගමන් කරයි

colombotoday

ලොව ප්‍රථම වරට කොරෝනා වෛරසය මළ සිරුරකින් වෛද්‍ය පරීක්‍ෂකවරයකු වෙත ආසාදනය වේ.

colombotoday

ඇෆ්ගනිස්ථානය තුල විදේශ මුදල් භාවිතය තලේබාන් සංවිධානය තහනම් කරයි

colombotoday

ඇෆ්ගනිස්ථාන උප ජනාධිපතිට බෝම්බ ප්‍රහාරයක්

colombotoday

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මිය ගිහින්

colombotoday