BusinessColombo Today Local News

සියළු ක්ෂේත්‍ර සදහා බදු ප්‍රතිශත 15% දක්වා වැඩි කරන්න.. IMF රජයට දන්වයි

fimf

එකතු කළ අගය මත අය කෙරෙන බද්ද හෙවත් වැට් බදු සංශෝධනයේදී ඇතැම් අංශ සඳහා ලබා දී තිබෙන සහන ඉවත් කොට සෑම ක්ෂේත්‍රයකටම එක හා සමාන ව සියයට 15ක බද්දක් අය කරන ලෙසත් ජාතිය ගොඩ නැගීමේ බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයට යෝජනා කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට එම අරමුදල විසින් දෙන ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මුද‍ලේ පළමු කොටස නිදහස් කිරීමෙන් පසුව නිකුත් කරන ලද පළමු කාර්ය මණ්ඩල වාර්තාව මගින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ නියෝජිතයන් ඉදිරියේදී නිල වශයෙන් ඉදිරිපත් කරනු ඇති බව ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

සියයට 11ක පැවති වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කිරීමෙන් සහ සියයට 2ක තිබූ ජාතිය ගොඩනැගිමේ බද්ද සියයට 4ක් දක්වා වැඩි කිරීමටත් මෙරට ආර්ථිකයේ පවතින ගෙවුම් ශේෂ පියවා ගැනීමට ප්‍රමාණවත් රාජ්‍ය ආදායමක් උපයා ගත නොහැකි බැවින් මෙම සහන ඉවත් කළ යුතු බවට යෝජනා වී ඇත.

Rivira

Related posts

ජපානයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 235 ක් රැගෙන එති

colombotoday

මාලිමාවේ සුපිරි කැබිනට්ටුව 25කට සීමා වෙයි

Admin

නව ඇමැතිවරුන්ගේ ගැසට්ටුව නිකුත් වෙයි

colombotoday

අපේ රටේ තියන ප්‍රශ්න හැම රටකම තියනවා.. සමාජ මාධ්‍යවලට ඒව පේන්නෑ – ජනපති කියයි

colombotoday

ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

හැදුවේ පාස්කරලිංගම් , කියෙව්වේ රවී – 2016 අයවැය පටලැවිල්ලේ රහස!

colombotoday