Colombo Today Local News

ව්‍යාජ අංක තහඩු වාහනයෙන් යද්දී ටච්වූඩ් ප්‍රධානියා අත්අඩංගුවට.. බේරාගන්න රෝසි එයි

image-22-620x330

ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පදවාගෙන ගිය මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පසුගිය සමයේ දැඩි ආන්දෝලනයකට ලක්වූ ටච්වූඩ් රුක් රෝපණ සමාගමේ ප්‍රධානී ලංකා කිව්ලේගෙදර මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු පැදවූ රථයද පොලිසිය භාරයට ගෙන ඇති අතර එය ඇතුලත තිබී තවත් ව්‍යාජ අංක තහඩු 3ක් සොයා ගෙන ඇත.

මෙම රථය අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිසියට සඳහන් කර ඇත්තේ එය අගමැතිවරයාගේ පසු ගමන් රථයක් බවයි. ව්‍යාජ අංක තහඩු දේශපාලන අවශ්‍යතා සඳහා භාවිතා කරන බවද ඔවුන් සඳහන් කර තිබේ.

සැකකරු බේරාගැනීම සදහා අගමැති කාර්යාලයේ ප්‍රධාන තනතුරක් දරන එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝසි සේනානායක මහත්මිය පොලීසියට බලපෑම් කර ඇති අතර ඇයගේ බලපෑම් ගණන් නොගත් පොලීසිය සැකකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙන බවද ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

කිලෝ 60ක මත්කුඩු සමග 9ක් අත්අඩංගුවට

colombotoday

ඕමානයේ සහ මාලදිවයිනේ සිට පැමිණි සිව් දෙනෙකුට කොරෝනා

colombotoday

එජාප වැඩ බලන මහ ලේකම් ධුරයට හිටපු විපක්ෂ නායකයෙක්

colombotoday

2017 අයවැයෙන් සෑම පුරවැසියෙකුටම ආදායම් බදු.. ආදායම කීයක් වුවත් 5%ක් රජයට ගෙවන්න වෙයි

colombotoday

නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නායයෑමක්

Admin

කැලෑවක දමා ගිය දින දෙකක් වයසැති සිගිත්තිය

colombotoday