ඇමතිවරුන්ට ජනතා සේවය සදහා වැඩි ගමන් බිමන් ප්‍රමාණයක යෙදීමට සිදුවන බැවින් ඉහළ වටිනාකමකින් යුතු වාහනයක් අවශ්‍යබව රජය පවසයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ඇමතිවරුන් වන රාජිත සේනාරත්න සහ ගයන්ත කරුණාතිලක යන මහත්වරු මේ බව පැවසූහ.
ඇමතිවරුන් 30 දෙනෙකුට වාහන ගැනීම සඳහා කෝටි 117ක් වෙන් කිරීම සම්බන්ධයෙන් මාධයවේදීන් විමසද්දී ඔවුන් මේ බව කීහ. පසුගියදා ඇති වූ ගංවතුර නිසා පීඩාවට පත් ලක්‍ෂ ගණන් ජනතාව වෙනුවෙන් නිල ලෙස රජය වෙන් කරන ලද්දේ රුපියල් මිලියන 150කි