පාර්ලිමේන්තු සභාගැබේ මයික්රිෆෝන් අක්රීයවීම හේතුවෙන් පාර්ලිමේන්තුව හෙටට කල් දැමීමට කතානායකවරයා තීරණය කරන ලදි.
දෝෂය යතා තත්තවයට පත් කිරීමට පාර්ලිමේන්තු කාර්මිකයන් කටයුතු කරන අතරේ පිටතින් ගෙනා ශබ්ද විකාශන යන්ත්රද ස්ථානගත කරනු ලැබූ අතර මන්ත්රීවරුන අතට මයික්රෆොන් ලබා දීමටද සූදානම් කර තිබිණි.
මුදල් ඇමති රවී කරුණානායක මහතට එරෙහිව විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණු අතර ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ මෙය විවාදයේදී ඉදිරිපත්වන කරුණු ජනතාව වෙත ගලා යෑම වැළැක්වීමට ගන්නා ලද උත්සාහයක් විය හැකි බවයි.