Colombo Today Local News

තලතාගේ කැබිනට් පත්‍රිකාව ජනපති කුණු කූඩයට දමයි

talatha athukorala

ගෘහසේවය සඳහා විදෙස්ගත වන කාන්තාවන්ගේ වයස් සීමාව අවුරුදු 25 සිට අවුරුදු 22 දක්වා අඩු කිරීමට විෂය භාර ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (31දා) ප්‍රතික්ෂේප කරනු ලැබීය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ, වයස් සීමාව අඩු කිරීමෙන් තරුණ කාන්තාවන් විදෙස්ගත වීමට වැඩි වශයෙන් පෙළඹෙනු ඇති බැවින් එතුළින් සමාජයට අහිතකර බලපෑමක් සිදුවන බවයි.

කාන්තාවන්ගේ විදෙස්ගත වීම හැකි නම් සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතු බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.ජනාධිපතිවරයාට පක්ෂව තවත් කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකු අදහස් දැක්වූ අතර, රජයේ ප්‍රතිපත්තිය එය නම් එයට තමාද අනුගත වන බව අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.

එසේම කාන්තාවන් විදෙස්ගත වීම හා ඔවුන් මුහුණදෙන ගැටලු පිළිබඳ අධ්‍යයනය කර ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට තලතා අතුකෝරල මහත්මියද ඇතුළුව කමිටුවක්ද පත්කිරීමට කැබිනට් මණ්ඩලය කටයුතු කරන ලදී. කාන්තාවන් විදේශගත වීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට හැකියාවක් වේදැයි සොයා බලන ලෙසද ජනාධිපතිවරයා ෙමම කමිටුවට දන්වා තිෙබ්.

Related posts

මඩකලපුව දිස්ත්‍රික් ලේකම් තනතුරට ගෝලයෙක් පත්කරගන්න හිස්බුල්ලාගෙන් බලපෑම් !

colombotoday

ඩුබායි හි සඟවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ ගෝලයෙක් අත්අඩංගුවට

colombotoday

මත්තල ඉන්දියාවට.. යෝජනාව ළගදීම කැබිනට් අනුමැතියට !

colombotoday

විදුලිබල පනත වැඩි ඡන්ද 84කින් සම්මතයි

colombotoday

ශ්‍රී ලංකාව තුල තහනම් ඉස්ලාම් අන්තවාදී සංවිධාන යලිත් ප්‍රසිද්ධියේ වැඩ අරඹයි

colombotoday

කල් දැමූ O/L, A/L සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට දින නියම කෙරේ

colombotoday