Colombo Today Local News

“රට ජාතිය වෙනුවෙන් බැරිනම් හමුදාවෙ ඉදල වැඩක් නෑ” සෙබළුන් පිරිසක් අස්වෙන්න යයි.. විනය ක්‍රියාමාර්ග ගනී

army23

රටේත්, ජාතියේත් ආරක්ෂාව වෙනුවෙන්, ඊට එරෙහිව නැගී එන බලවේගවලට එරෙහිව ක්‍රියාත්මක වීමට නොහැකිනම් තව දුරටත් හමුදා නිළ ඇදුම දරාගෙන සිටීමෙන් වැඩක් නැති බව පවසමින් සෙබළුන් පිරිසක් හමුදා සේවයෙන් ඉවත්වීමේ සූදානමක් පැවති බවත්, එම කණ්ඩායමට නායකත්වය දුන් නිලධාරීයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් අනාවරණය වනවා.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගත් අවස්ථාවේදීද ඊට විරෝධය පලකරමින් මෙම පිරිස ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී නිළ ඇදුම් සහ නිල ගිනි අවිය භාරදී හමුදාවෙන් ඉවත්වීමට සූදානම් බවට බොදු බල සේනා සංවිධානයට දන්වා ඇති අතර, කිසියම් හේතුවක් මත එම ක්‍රියාව වැළකී තිබෙන බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.

මේ අතර ත්‍රිවිධ හමුදාවට එරෙහිව විදේශීය හා ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන්ගේ බලපෑම් මත හමුදාවේ ජීවගුණය සහ අභිමානය බිද දමන ආකාරයෙන් දිගින් දිගටම සිදුවන අනවශ්‍ය අතපෙවීම් හේතුවෙන් ඉහළ නිලධාරීන් මෙන්ම සෙබළුන් පසුවන්නේ දැඩි නොසතුටකින් බව ආරංචි මාර්ග සදහන් කරනවා. ආසන්නතම සිදුවීම වූ සාම්පූර්හිදී නැගෙනහිර මහඇමතිවරයා විසින් නාවික නිලධාරීවරයෙකු බැණවැදී අපහාස කිරීමේ සිද්ධියටද ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් හමුදා අභ්‍යන්තරයේ කළකිරීම තව දුරටත් වර්ධනය වෙමින් පවතින බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ.

Related posts

ජනපති අනුරට දෛවයේ සරදම්! ඉන්දියානු ව්‍යාප්තවාදයේ නොකියූ කතාව

colombotoday

අප්පිරියා නිසා පත්වීම ගත්තේ අහක බලාගෙන. ඡායාරූපයක්වත් නැත්තේ ඒ නිසා…

colombotoday

දොස්තර සංගමය මහින්දට සුපර්මාකට් ගියා.. ඔවුන් හම්බවෙන්න බෑ මට වැඩ තියනවා

colombotoday

හිරුනිකා පන්නා සාස්තර කියන ඥානක්කාට STF, පොලිස් ආරක්ෂාව දෙයි

colombotoday

නාරංගල ගිය තරුණයෙකුගේ සිරුර ප්‍රපාතයකින් හමුවෙයි

colombotoday

මහනුවර ඉහළම කාන්තා පාසලක කූට ගේමක්! බලධාරීන් ඇස් කන් වසා මර නින්දේ

colombotoday