Colombo Today Local News

චම්පික – රතන හිමි “වස විස විරසකය” කැබිනෙට්ටුවේදී පත්තු වෙයි

ch ra 3ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක කෙරෙන ‘වස විසෙන් තොර රටක්’ ව්‍යාපෘතිය සම්බන්ධව රතන හිමි සහ අමාත්‍ය චම්පික රණවක අතර ගැටුම කැබිනට් මණ්ඩලය දක්වා දුර දිග ගොස් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එම ගැටුමට හේතුව වී ඇත්තේ වස විස ව්‍යාපෘතිය වෙනුවෙන් චම්පික ඇමැතිවරයා විසින් හයිබි‍්‍රඩ් පොහොර වර්ගයක් පිළිබඳ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබීමයි.

මෙම ව්‍යාපෘතිය මීට පෙර චම්පික රණවක පරිසර ඇමැතිව සිටිය දී ‘පිළිසරු’ ව්‍යාපෘතිය යටතේ ද ගෙන එන ලද යෝජනාවකි.

එම ව්‍යාපෘතියට අනුව කොම්පෝස්ට් පොහොර නියමිත ප‍්‍රමිතියට නිෂ්පාදනය කිරීමට මේ වන විට අසමත්ව ඇති බැවින් යම් ප‍්‍රමාණයකට රසායනික පොහොර ද ඒ සඳහා එකතු කර ‘හයිබි‍්‍රඩ් පොහොර’ නමින් පොහොර වර්ගයක් නිෂ්පාදනය කිරීම අරමුණු කෙරේ.

නමුත් මෙම ව්‍යාපෘතිය සඳහා රතන හිමියන්ගේ සම්පූර්ණ විරෝධය එල්ල වී ඇති අතර උන්වහන්සේගේ අදහස වී ඇත්තේ මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේ දී සම්පූර්ණයෙන් වස විසෙන් අත්මිදිය යුතු බවයි.

Related posts

බිරිඳව ගෙදර තියලා ක්‍රිකට් ගහන්න… තිසර-මාලිංග බිරින්දෑවරුන්ගේ හටන ගැන ක්‍රීඩා ඇමති කී කතාව

colombotoday

ශ්‍රී ලාංකිකයින්ට ඉතාලියෙන් පැනවූ තහනම දීර්ඝ කෙරේ

colombotoday

“පුරවැසියන් ආණ්ඩුව ගැන යහ බලාපොරොත්තුවකින් සිටිනවා“ – යහපාලනය ගොඩගන්න පිරිමි මිසීලා නැවතත් කරළියට

colombotoday

ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් උද්ඝෝෂණයක

colombotoday

මංගලගේ බියර් බදු සහනයට ජනපති පාර්ලිමේන්තුවේදී විරෝධය දක්වයි !

colombotoday

මැති-ඇමතිවරුන්ට මෙවර අයවැය තේ පාටිය නැහැ

Admin